top of page

wfma fjila m‚úvh

.re úÿy,am;s;=udf.a m‚úvh

    2020 වර්ෂයේ අද දිනය වන විට ලෝකවාසීන්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් මාසයකට ආසන්න කාලයක් නිවෙස් තුළටම සිරකර තැබීමට, අපගේ පියවි ඇසට නොපෙනෙන වෛරසයකට හැකි වී තිබෙන්නේ මිනිසුන් මෙතෙක් කල් වටිනාකමින් වැඩි යැයි සිතමින් ලොබ බඳිමින් එකතු කළ සියලු වස්තූන්හි සැබෑ වටිනාකම ගැන දෙවෙනි වරකටත් සිතා බැලීමට අවස්ථාව සලසා දෙමිනි.

      යහපත් සෞඛ්‍ය පුරුදු,ආචාර සමාචාර විධික්‍රම පිළිබඳව මේ වන විට නිබඳ අවධානය යොමුකරන වත්මන් ශ්‍රී ලාංකිකයන් ද, තමා විසින් ඉතා විශිෂ්ට යැයි සිතමින් වැළඳගත් බටහිර පුරුදු අත්හැර නැවත සිංහල බෞද්ධ සිරිත් විරිත් වැළඳගන්නේද දෛවයේ සරදමකට මෙනි.   

 

             "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී"

"ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රැකෙයි."

       යන උතුම් බුදු වදන් සිහිපත් කරමින් එළඹෙන වෙසක් පුන් පොහෝ දිනය ඔබ සියලු දෙනාටම සුභ වෙසක් මංගල්‍යක් වෙනුවෙන් මම ප්‍රථමයෙන්ම ආසිරි පතන්නෙමි. මෙවන් ලෝකයටම බලපා ඇති ආපදා අවස්ථාවකදී නිසි සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් සපුරමින් සයිබර් අවකාශය ඔස්සේ සියලු ලෝවැසි බෞද්ධයන්ට එකට එක්ව එළඹෙන වෙසක්  මංගල්‍යය මහත් හරසරින් යුතුව සැමරීමට අප විද්‍යාලයීය බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරන්නට යෙදී ඇති "සම්බුද්ධ ත්‍රෛමංගල්‍යයේ ආනන්දීය වන්දනය - අනද වෙසක් කලාපය 2020" සමස්ත ශ්‍රී ලාංකීකයන් සියලු දෙනාටම නවමු අත්දැකීමක් වනු ඇති බව මම විශ්වාස කරමි.

                       තවද මෙවන් ආපදා අවස්ථාවක එය නිසි පරිදි පාලනය කිරීමට දිවා රාත්‍රී නොබලා කැපවෙන වත්මන් ජනාධිපති ආදි ආනන්දීය ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඇතුළු රජයටත්, වත්මන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආදි ආනන්දීය ආනන්දීය අනිල් ජාසිංහ වෛද්‍යතුමන් ඇතුළු සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සියලු ම දෙනාටත්, ආරක්ෂක අංශයන්හි සියලු ම නිළධාරිවරුන්ටත් මාගේ ගෞරවය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

     අවසාන වශයෙන් මෙම සයිබර් වෙසක් කලාපය සංවිධානය කිරීමේදි එම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට කැපවන බෞද්ධ සංගමයේ ගරු අනුශාසක පූජ්‍ය හබරකඩ ජනානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නත් බෞද්ධ සංගමයේ ගිහි අනුශාසක ජයන්ත පෙරේරා ගුරුතුමන්වත්, බෞද්ධ සංගමයේ සභාපති පුතණුවන් ඇතුළු සියලු ම බෞද්ධ සංගමයේ පුතණුවරුන්වත් සිහිපත් කරමින්, විද්‍යාලයේ සියලු ම නියෝජ්‍ය විදුහල්පතිවරුන්ටත්, සහකාර විදුහල්පතිවරුන්ටත්, ගුරුභවතුන්ටත් අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයටත්, සියලු ම ආනන්දීයන්ටත්, ආදී ආනන්දීයන්ටත් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනාතවටත් නිවසේ සිටම බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිත් පහන් දල්වාගෙන මෙම වෙසක් කලාපයට එක් වන ලෙස බැති සිතින් සිහිපත් කර සිටිමි.

ඔබ සැමට ආනන්ද මාතාවගේ සරණයි !

එස්.එම්.කීර්තිරත්න
විදුහල්පති 
ආනන්ද විද්‍යාලය 
කොළඹ 10

.re m%Odk wkqYdil iajdókajykafiaf.a m‚úvh

අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ උපත, සම්බුද්ධත්වයට පත් වීම, පරිනිර්වාණය යන තෙමගුල සිදුවන්නට යෙදුණු වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය බෞද්ධයන් වන අප සැමට අතිශයින්ම වැදගත් වූ දිනයකි.ජාති, ආගම්, කුල ආදී වූ සියලු බෙදීම් අර්ථ ශුන්‍ය යයි ද උස් පහත් බව මිනිය හැකි වන්නේ පුද්ගලයාගේ සරු නිසරු පිළිවෙතින් බවද සම්බුද්ධ දේශනාවයි. තථාගතයාණන් වහන්සේගේ දේශනාව අනුව පිළිවෙත් සරු කරගත් අප ආදර්ශමත් සදාචාරවත් ජාතියක් ලෙස ලෝකය හමුවේ නැගී සිටින්නේය.


අන් වසරවලදී මෙන් මේ වසරේ දී අපට වෙසක් උත්සවය, දන්සැල් ආදිය දැක ගැනීමට නොහැකි වනු ඇත. ඊට හේතුව වන්නේ ලොව පුරා කොරෝනා වසංගතය පැතිර යාමයි. බුදුරජාණන් වහන්සේ තුන් බිය දුරු කලා සේ, මෙම වසංගතය පැතිර යන කාල වකවානුවේ බෞද්ධ දර්ශනය කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කරන ලෙස බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිමි. මෙවන් අවස්ථාවක නිවෙස්වල රැදී සිටින ඔබ වෙනුවෙන් අප බෞද්ධ සංගමයේ දරුවන් විසින් සංවිධානය කරන ලද ඩිජිටල් වෙසක් කලාපය අගය කල යුතුම ය.

ඔබ සැමට තෙරුවන් සරණයි !

පූජ්‍ය හබරකඩ ජනානන්ද හිමි
ප්‍රධාන අනුශාසක 
බෞද්ධ සංගමය 
ආනන්ද විද්‍යාලය 
කොළඹ 10

m%Odk YsIH úOdhlf.a m‚úvh

තුන්ලොවට අග්‍ර වු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදු වු අසිරිමත් දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස හැඳින්වේ. සෑම වසරක් පාසාම ඒ උතුම් වෙස‍ඟ සැමරීම, කොළඹ ආනන්ද විද්‍යාලයේ සුජාත දරුවන් වන අප මහත් හරසරින් සිදුකළ ද මෙවර එම වෙසක් කලාපය සිදු කිරීමට සිදුවී ඇත්තේ මූලු මහත් ලෝකයම වෙලාගත් කොරෝනා වසංගතයෙන් අපේ මාතෘභුමියද ගිලගෙන ඇති අවස්ථාවකදීය.


අප විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සම්බුද්ධ ත්‍රෛමංගලයේ ආනන්දීය වන්දනය” වෙසක් කලාපය 2020 මෙවර වෙනස් මුහුණුවරකින් වූවද සංවිධානය වී තිබීම සතුටට කාරණාවකි. ඉතිහාසයේ ප්‍රථම වරට පාසලක් මගින් සයිබර් අවකාශය ඔස්සේ පවත්වනු ලබන වෙසක් කලාපයක් ලෙසින් මෙවර අනඳ වෙසක් කලාපය නිර්මාණය වී ඇත.


ඔවුන්ගේ මෙම සුභ  කර්තව්‍යය වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය විධායකයා ලෙස, මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවම නියෝජනය කරමින් අප විද්‍යාලයීය බෞද්ධ සංගමය වෙත මාගේ සුභාශිංසන මෙසේ පළ කරනු කැමත්තෙමි.


ඔබ සියලු දෙනාට සුබ වෙසක් මංගල්‍යයක් වෙනුවෙන් ආසිරි පතන්නෙමි!


තෙරුවන් සරණයි!

චතූෂ දල්පතාදු
ප්‍රධාන ශිෂ්‍ය විධායක 
ආනන්ද විද්‍යාලය 
කොළඹ 10

fn!oaO ix.ufha .re iNdm;s;=udf.a m‚úvh

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට වසරක දී එළඹෙන ප්‍රධානතම ආගමික උත්සවය වන්නේ වෙසක් උත්සවයයි. එදිනට ලෝකවාසී බෞද්ධයන් එක්ව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින් මෙම සම්බුදු තෙමඟුළ සමරනු ලබයි.

එය එසේ වුව ද පසුගිය වසරේ දී අන්තවාදී ත්‍රස්තවාදී කල්ලියක් විසින් පාස්කු දින සිදු කළ අමානුෂික බෝම්බ ප්‍රහාරය නිසාවෙන් එම වසරේ වෙසක් සැමරුම් අවම කරන්නට කටයුතු සිදුවුණු අතර මෙම වසරේ ද ලොව පුරා පැතිරී යන කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ පෙර පුරුදු ආකාරයේ වෙසක් සැමරුම් පැවැත්වීම ප්‍රායෝගික නො වන දෙයක් බවට පත් ව ඇත.

පුරා දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව තුළ පාසලක් විසින් සංවිධානය කළ විශාලම වෙසක් කලාපය සංවිධානය කළ අප සංගමය පසු ගිය වසරේදී සිදු වූ අඩුපාඩු ද මඟහරවමින් මෙම සෞඛ්‍ය ප්‍රශ්නය මධ්‍යයේ වෙසක් සැමරුම උදෙසා නවමු ප්‍රවේශයක් ලබා ගැනීමට සූදානමින් සිටිමු.

එනම්, "සම්බුද්ධ ත්‍රෛමංගල්‍යයේ ආනන්දීය වන්දනය - අනඳ වෙසක් කලාපය 2020" සයිබර් අවකාශය ඔස්සේ සෞඛ්‍ය ප්‍රතිපත්තීන් සඳහා අනුගත වෙමින් ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් ලබාගැනීමට අවකාශය සලස්වමිනි.

එවන් වූ සුවිශේෂී සන්ධිස්ථානයක් විද්‍යාලයීය බෞද්ධ සංගමය සනිටුහන් කරන මොහොතක එහි ගරු සභාපතිවරයා වශයෙන් මෙසේ මාගේ සුභාසිංසන එක් කිරීමට ලැබීම මට හිමි වූ මහත් භාග්‍යයක් කොට සලකන අතර මෙම කර්තව්‍යය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා නිබඳ අපට සහයෝගය ලබා දෙන ගරු විද්‍යාලයාධිපති එස්. එම්. කීර්තිරත්න මැතිතුමාවත්, විද්‍යාලයීය බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය හබරකඩ ජනානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නයත්, බෞද්ධ සංගමයේ ගිහි අනුශාසක ජයන්ත පෙරේරා ගුරු පියාණන් ඇතුලු සියලුම ගුරු මෑණිවරුන්වත් ගුරු පියවරුන්වත්, මා සමඟ ඇප කැප වී වැඩ කරන මාගේ නිලධාරී මණ්ඩලය ඇතුළු සියලු ම බෞද්ධ සංගමයේ සොයුරන්වත්, සියලු ම ආනන්දීයන්වත් මේ අවස්ථාවේ දී ඉතාමත් කෘතවේදි ව සිහිපත් කරමි.

එළැඹෙන වෙසක් මංගල්‍යය ලොව සියලු ජනතාවගේ සිත් නිවී සැනසීම ඇතිවන, රෝග බිය තුරන් වන වෙසක් මංගල්‍යයක් වේවායි ආසිරි පතන්නෙමි.

ඔබ සැමට ආනන්ද මාතාවගේ සරණයි.

අෂේන් කුලරත්න
ගරු සභාපති
බෞද්ධ සංගමය 
ආනන්ද විද්‍යාලය
කොළඹ 10

wfkl=;a fjilaa m‚úv

bottom of page