wfma fjila rpkd
වෙසක් පෝදා
බෝ පත් අතරේ දම් සිසිලස දැනුනේ
ලෝ දන මන බැතියෙන් පිරුණේ
සිල් සුවඳින් හද පිබිදෙන්නේ
ජයසිරි මහා බෝ සමිඳුනේ
බුදු තෙමඟුල වූ වෙසක් දිනේ
සිල් ගන්නයි මා බලාන උන්නේ
සිල් ගන්නට බැරි රෝග නිදන්වී රෝගය පැතිරෙන්නේ
ජයසිරි මහා බෝ හාමුදුරුවනේ මෙමට සමාවන්නේ
ජේ.ඒ.ආර්. සාරංගි පෙරේරා
මල් සුවඳ පැතිරේවා
සුවඳ දුම් පැතිරේවා
මෙත් සිසිල පැතිරේවා
කොරෝනාව දුරුවේවා
තරුක රොනාල්
දහම් ආලෝකය
ගෙපැලට එක්තැන් වී අප
කොරෝනා හෙවනල්ලටවත් ඉඩ නොදී
හුස්ම පොදත් තහංචියක් වීම නැවතීම ද
කොරෝනා ක්‍රියාදාමයට දෙවියන් මෙන් සිටින
සෞඛ්‍ය ත්‍රිවිධ හමුදාවට ආයුබෝ වේවා
මේ වෙසඟේ රැස්කර අකුසල් යටගන්වා
උතුම් බුදු දහමේ ආලෝකයෙන්
ලංකා මාතා සුව වන්නට
සොබා දහමට නිගා නොකර
සිරි ලකඹරේ අහරින් කුසගිනි පුරවා
වෙසඟේ මෙත් සුව සිත් පැතිරී අවා
ආමිසයෙන් කුසල් වඩනට
මේ ඔවදන පහනක් වේවා...
අදිත්‍යා
බුදුරැස් කිරණින් ලොව නහවා
බුදුහාමුදුරුවෝ සදහම් දෙසුවා
සැම දන මන මෙන් දහරේ ගිල්වා
නිවන් මගට යන මංපෙත් තැනුවා
පින්බර වෙසඟේ හඳ මෝරනව
රන් තැටියක් සේ අඹරේ දිලෙන වා
බුදු තෙමගුල ගැන සිතට නැගෙනවා
බුදුබණ සවනට පිළිරැව් දෙනවා
උතුම් ම ලාභය නිරෝගිකම වෙනවා
බුදුහාමුදුරුවො එලෙසින් බණ දෙසුවා
ලොව වනසත කොරෝනාව යටපත් වෙනවා
සදහම් ගුණය මේ වෙසඟේ ඉස්මතු වෙනවා
ජයවි තෙව්මිත් ජයකොඩි
වයස - 16
ආනන්ද විද්‍යාලය
අප්පමාදෝ අමත පදං
කොයිතරම් වැට කඩුලු
බැඳුනත් දස අතින්
ලොව්තුරා බුදු හිමි වඳින්නට
නැමෙයි හැම සිත් සතන්
එයමවෙයි බුදුහිමින්ගේ අසිරිය....
අප නිසා දුක් විද බොහෝ
පරාජය කර දස මාර සෙන්
ගයා හිස මුල බුදුබව ලබන්
ලොවට දෙසුවා දම් අමා දිය
අසා එම බුදුවදන්
අත නොහැර එක් දිනක්වත්
හදාගමු අපෙ සිත් සතන්
නොවිඳින්න මහ අපා දුක්
රකිමු නිති පන්සිල්
වඩුමු ගුණ නැණ දහම්
රැස් කරමු පින්දහම්
එයයි බුදු වදන අවසන්
අප්පමාදෙන සම්පාදෙථ
ජේ. කිත්මිණි පෙරේරා
වෙසක් සඳ නිල් අහස් තලයම සැරසුවත් නුබ ගැබ අරා
සැලෙන පහනක තිබෙන අනියත පවසාවි ලෝකය පුරා
මුවින් මුව නැගි ශෝක සුසුමන් සදවතෙ පසෙකින් දරා
වෙසක් සිරි හද බැතින් සමරමු දොරින් දොර සිරිලක පුරා
එදා දඹදිව විසාලාවේ රෝග දුක් කළ ලෙසින්
වඩිනු මැන හිමියනේ නැවතත් මනුලොවට සෙත් සලසමින්
දෙසූ දම් දිය සවන වෑහෙන අමා බිඳු සිත් සනසමින්
මෙදා තෙමඟුල් අසිරි සමරමු සිත් පුරා නැගි සෙනෙහසින්
ලොවම දැවෙන රුදුරු ගිනිකද අමා වැස්සෙන් නිවේවා
දියත සිව්කොණ පිපෙන මෙත් මල් සුවඳ දසතින් නැහේවා
පැලින් පැල දන මන පුරාවට දහම් සිසිලස දැනේවා
අනඳ වෙහෙරේ මහා තෙද බල ලොවේ සුබසෙත සැදේවා
පබසර සමෝදාන
වයස - 20
ආනන්ද විද්‍යාලය
වෛශාක්‍ය මංගල්‍යය සමරමු
රන් කිරණින් එකලු කර තුන් ලෝ විමනේ
නන් දෙව් බඹ දනන් සහ පිරිවර මැදිනේ
පුන් සල් කුසුම් පිරි ලුම්බිණි සල් උයනේ
පින්සර කුමරු බිහි විය පුර වෙසඟ දිනේ
මෙත් කරුණා හදින් නෙක පාරමී පුරා
සත් භව බැම් සිඳින අදිටන සිතෙහි දරා
ලත් සැප ඉසුරු ලා මැදි පිළිවෙත් සපුරා
සත් ගුණ තෙදැති බෝසත ඇසතුරෙහි අරා
වනසා දස මරඟ සෙන් වුද බට වියරූ
විමසා සසර භව දුක් නසනා අයුරූ
කෙළෙසා සිඳලු බෝසත පෙරුමන් සපිරූ
සනසා ලොවම බුදු පද ලැබ ගති මහරූ
අකලට සල් පියස කුසුමින් බර වූවා
නුබබට දෙවි බඹුන් සැම කම්පිත කරවා
මිහිපිට සකල දන නෙත කඳුලින් පුරවා
සතහට සුවඳ දුන් සියපත පර වූවා
දිවයුරු සේ අවිඳු ඝනඳුරු දුර හරිනා
අමයුරු දියෙන් ඇවිලිණු කෙළෙසුන් නිවනා
සුමිතුරු කලණ දම් වසයෙන් මන පිනනා
ලොව්තුරු පා තඹර යුග නමදිමි බැතිනා
සරිකර ගනු රිසින් නිවනෙහි මඟ නිතිනා
පුදකර දෝත ගෙන පුල් පියුමන් සොඳිනා
සිහිකර උතුම් තෙමඟුල හද පිරි බැතිනා
පින්බර වෙසඟ දින සිත් පුරවමු මෙතිනා
පැතිරෙයි සිල් සුවඳ දියතෙහි සතර කොනේ
දැල්වෙයි පහන් දොර ඳුරු දුරලමිනේ
සිරියයි උතුරනා වෙසඟෙහි සැම තැනේ
සිහිවෙයි සිතට පෙර අසිරිය ජේතවනේ
වියරු ගිනි නැගෙයි අද මුළු භුවන පුරා
රුදුරු ලෙසින් රෝ දුක් පැතිරෙයි උතුරා
අඳුරු යුගය පලවා හැර දමන තුරා
පවුරු විලස සැම දෙන එක් වෙමු මෙපුරා
එදිනා විසල් පුර දුක් දුරු කළ ලෙසට
සොවිනා යදින දන හද ගිනි නිවන්නට
නෙතිනා යොමා හිමියනි යළි ලක්දිවට
වඩිනා මැනවි පිහිටට කුළුණින් සතට
එස්. එම්. කේතකී නිරෝධා නවමිණී කරුණාතිලක
වයස - 19
බප/ ගම්/ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය
ඉතින් ආයුබෝවන් ලොව සත හට...!
චීන රටින් ගිනි ගෙන මුළු ලොව ඇවිලුන
ජීවිත ගිනිබත් කර වනසා ලන
සැම තැන ව්‍යසන තුඩු දෙන කාරක
කොරෝනා ඔබ කෙලෙසක ඉපදුන
ලොව මුල සුන සැම තැන හොබවන
නිදහස කොටු කර සිවු දෙස පැතිරෙන
කොයි කවුරුත් බිය කරමින් ඇවිලුන
මිටරයක දුර තබාන සැම වෙත
ගනුදෙනු කිරීම සැම හට යහපත
ඇඳිරි නීති සමයකි සිරි ලකටම
විඩාව ඇත සිත ගෙයි සිට ගෙවිල ම
එයත් පාඩමකි අප වෙත ලෝදහමින් දෙන
සියලු සතුන් ලොව නිදහස අගයන
කෘර නොවේද අප සිර කර තැබුමම
උස් මිටි කම් නැත භේද භින්න නැත
සැම හට සම ලෙස ඇය බෙදන් ඇත
හදුනා ගන්නට නිශ්චිත ගති නැත
තුන් බිය පතුරන ලොව බිය මුළු ගත්වන
පන් දහසක් ඇත වගකීමක් කර
ගරුකටයුතු ගමික හස්ත මත
ගැටුම් පැමිණ ඇත එම නිල් කොළ මත
හුදී ජනයා වරම් නොලද කල
අසරණකම කැටි ලෝහය වූ සිත
දක්සල් දීමට වැඩි ආනිස ඇත
එකාවන්ව අඩු වැඩි පිරිමහගෙන
නැගී සිටීමට කටයුතු වන විට
තෙමඟුල්අසිරිය දැක සැනසෙනට
මඟ තොට සිරි නරඹා හිනැහෙන්නට
නොමැති මුත් මේ මහ ව්‍යසන මැද
පහන් කූඩු සැරසිලි ඇත සැම නිවසක් පාහේම
වෙසඟේ අරුත වටහා නිසි ලෙස
සොබා මවට අප කළ අණ විණ සැම
පළ දී විඳුමම අරුමැක් නොම වන
එය මය කර්මය කළ කම් පළ දෙන
මියැදුණු මනසකම පුබුදන්නට
නොමැරෙන මිනිසුන් සේ නොසිතන්නට
තිරිසන් ගති ගුණ මරා දමන්නට
නොතිබුණු බෝසත් ගුණ මතු වන්නට
හද තුළ මනුසත්කම ලියලන්නට
මිනිසා මිනිසුන් ලෙස හැසිරෙන ට
වෛරය ක්‍රෝධය පලවා ලන්නට
හද තුළ කරුණා මල් පුබුදන්නට
වැටුණු තැනින් නැග යළි සිට ගන්න ට
නව ජවයක් ගෙන යළි පිබිදෙන්නට
පෙරත් වැඩියෙන් සවිමත් වන්නට
සිතන්න මේ හොඳම වෙලාවය
ඉතින් ආයුබෝවන් ලොව සත හට....
එන්.ඩබ්ලිව්. නුවංගි කෝසලා කුමාරි
ගෝතමි බාලිකා විද්‍යාලය
බුදු දහම් අරුත් පැතිරේවා නොවී බොද
සුවදැති මල් පිබිදේවා සතර සොද
මෙත් කරුණා පැතුම් ඉතිරේවා මගේ සද
සියලු පැතුම් ඉටු වේවා සතර සද
සියලු සතුන් සන්සුන්ව වෙන වෙසක් සද
සියලු වලා අතරින් නැගී එන වෙසක් සද
බුදු පිදුමට යන වෙසක් සද
සියලු දෙනා එක්වී වදිනා වෙසක් සද
නොමියෙන පහන් දැල්වෙන පහන් වැද
වෙසක් පෝ දිනයේ රුවන වැද
වෙසක් පෝ දිනයේ මාපිය දෙපා වැද
සමරමු වෙසක් පෝ දිනයේ වෙසක් සද
චාපා
වයස - 27
තලවතුඔය සිට
රටේ පවතින තත්වය සහ වෙසක් අසිරිය
තුන් බියෙන් ඇලලි
ලෝ වැසියා සිටියි කොටු වී
සැමගේ සිත් සතන් තුටු කර
ලොවම බුදුබණ පැතිරුණි
ලෝ තලයේ අදුර දුරු කර
පුරසදේ රැස් විහිදුනි
රෝග පීඩා දුක් දොම්නස්
සිතින් පහවී දුරුවුණි
සිතට සහනය ගෙනෙන
දහම දිවියට ළංවුනි
සියලු වසංගත දුරුකරමින්
වෙසක් අසිරිය පැතිරුණි
අමායා රාජපක්ෂ
වයස - 16
මාතර සිට
ලුම්බිනියේ සල්වනයේ දෙව් නද පෑ සන්තුටිනේ
පින්බර කුමරුන් මෙලොවට පහළ වුනේ වෙසක් දිනේ
බුදු බව ලැබ බැමි බිඳ සංසාරෙන් එතෙරවුනේ
වෙසඟේ සුසුමන් මුළු ලොව දස දෙසටම පැතිරවුනේ
උපවර්තන සල් උයනේ බුදු හිමි ලොව හැරයන්නේ
භවයේ දුක, අනියත බව මුළු ලොවටම පවසමිනේ
බුදු දහමට සෑදි සිතින් වෙසක් දිනේ සමරමිනේ
අප සැම දෙන සිහිකරනුයේ භවයේ දුක සතරකොනේ
රෝ, බිය, දුක් සංකා හැම කලෙකම සිට උරුමවුනේ
සැමවිට බුදුහිමි දෙසුවේ ඒ අනියත ලෝකෙකොනේ
ආමිස, ප්‍රතිපත්ති නමින් පුද පූජා පැවැත්වුනේ
එනමුදු අද ආලෝකය නැහැ දසඅත පැතිරගියේ
පිරිසිදු බව ජීවිතයට හැම දින අප පිලිපදිනේ
පිරිමැස්මයි, සරලකමයි කොවිඩ් නැවත මතක් කලේ
වෙසක් අසිරි අප සැම හට නොමැති උනත් එදින ලෙසේ
නිවසේ සැම එක් රොක් වී රකිමු නියම අරුත සිරි වෙසඟේ
අඳුර දුරලමින් ලෙඩදුක් සුව වීම පතා පහන් සිලක් දැල්වූයේ
තුන් බිය දුරු වී සැමටම සෙත් සුව නිති සැලසෙන්නේ
පතනෙමි වෙසඟේ සැම සිත් බුදුදහමින් සුවපත් වේ
පවිටු, දුදන ගැරහුම් වියැකී මෙත් සිත් ලොව පැතිරෙන්නේ
හිමාශා සංදීපනී
වයස - 18
දේවි බාලිකා විද්‍යාලය
පානදුර සිට
සුනීත සෝපාක වැනි
අයගෙ නිවා සසරෙ ගිනි
සදහම් රස ලොවට දුනි
බුදු සසුනෙ අගය දැනි
බිනුල් රමිරු
වයස - 11