wfma fjila rpkd
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය හමුවේ වෙසක් සැමරුම
මැයි මල් පිපුනත් රතට රතේ
හැම ගසකම මල් ඵල වැඩී හැඩ ඇතේ
තෙමඟුලට පරිසරය සැරසී ඇතේ
අනේ හිමියනේ අප හැම සිර කර ඇතේ
පාසල වැසී දෙමසකට වැඩී
මිතුරන් නොදැක දුකද වැඩී
එන්නේ කවදාද සැනකින් අපි
පවසනු මැන හිමියනේ අසරණයි අපි
විශාලාවට පැමිණ සෙත් කවි කිය ඉස්සාලූ
ඒ අනුහසින් තුන්බිය දුරු කළා ලූ
අනේ හිමියනේ අපේ සිත සනසාලන්න
නැවත මනු ලොවට වඩිමින් තුන්බිය දුරු කරන්න පැන් ඉසින්න
සුපුන් හේමංග
වයස - 14
ආනන්ද විද්‍යාලය
ජීවිතය
ජීවිතය යනු,
අරුතක් නැති අකුරු හතරකි
අරුතක් සොයා ගත යුත්තේ
අප විසින්මය
අපගේ
ජීවිතය විවිධ අවස්ථවන්හී
විටෙක සැප මෙන්ම
විටෙක දුකද ඇතිවේ
අපගේ ජිවිතයේ
අප ගන්නා විවිධ තීරණ වලින්
විටෙක ජය මෙන්ම
විටෙක පරාජයද හිමිවේ
තීරණයේ ඵලය කුමක් වුවත්
එය සතුටින්,
බාර ගැනීම අපගේ යුතුකමය
තීරණ,
අප අතය
නුවනින් ගත යුතුය.
චලන පෙරේරා
වයස - 43
මොරටුවේ
අමාවක සළු ඇදුන රැයක හිරු කිරණ වී
කුමුදු මල් පෙති හිනාවෙයි එකට තුරුලු වී
නිදා උන් කඩුපුලක් සෙනෙහසින් උදාවී
පිවිතුරුම අනාගත අනාවැකි දොඩාවී
සල් ගසේ මල් පිපුන අත්තකට වාරුවී
දේවී මහාමායා දුටු සුබ සිහින සැබැවී
සත් පියුම් මත නැගී ලොවම අමතනු ඇසී
දෙව් බඹුන් පවා මිහිපිට සොයා එයි නැගී
කාලයේ වාලුකා කතර නිමවී දිනක
ලෝකයේ සැප කියන මැදුරු තුළ දුක මිසක
අන් දෙයක් නොමැති බව පසක් කරගෙන හිතක
පැවසුවා එක හඬින් කෙලෙස් දම් මිදිය හැක
සසර බව පුරා එක මඟක සෙවනැලි සොයා
ආ ගමන නිමාවක නොලී කවියක් ලියා
රහල් පුතු සමග ඇය නිදන සැටි දැක බලා
සිදුහතුන් නික්මුණා දුක නිවන මඟ සොයා
ඇසතු බෝ තුරු ලෙළෙන සන්සුන්ම තාල ස්වර
බවුන් වඩනා සිතට ගෙනෙයි නොබිදෙන පවර
අප මහා බොසතාණෝ දුටුව සිහිනසර
ඉටුවුනා පුර පසක මර රැගුම් විසුණු කර
නියඟලා මල් රුවට අසුව කෙලෙසින් පිරුණු
එකිනෙකා වනසනා සිත් වලින් වුනු දරුණු
මිනිසුන්ගෙ සිත් පුරා ඇතිරවු ගුණ කුලුණු
බුදුරදුන් සියපතකි කලල් දිය මත පිපුණු
පිපුණු මල් වියෝවෙන් කෙඩෑරිව මිය ඇදෙන
දෙව්බඹුන් නෙත් පුරා කදුළු වැල්
අයාගෙන
ලෝකයම දෙදරවා පුරපසක් උදාවන
සැදෑවක බුදුරදුන් නික්මුණා පිරිනිවන
තණ්හාව පිරුණු මන්දිර තුළම එති එතී
මිනිස් කැල ජිවිතේ සොයයි මුදලට නිතී
දහම් පොත් කොළ අරන් රොකට් පාවී යතී
බුදුදහම ශෝකයෙන් මහ හඬින් ඉකිලති
සොඳුරු කුසුමන් පිපී සුවඳ ලොව පිරෙනු මැන
කදුළු වැල් නිමවෙනා සිනාකැන් පිපෙනු මැන
ලෝකයම හදවතින් බුදුදහම රකිනු මැන
අනේ බුදු හිමියනේ යළිත් මෙහි වඩිනු මැන
අමන්දි ධර්මරත්න
වයස - 17
ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලය , මාළඹේ
කඩුවෙල
නැතිව වෙනසක්
වෙනදා වාගෙම
වෙසක් සඳ පායනු ඇති..
නේක සැරසිලි
තොරණ් දන්සැල්
ඒ කිසිත් අද නැතුවැති..
වෙසගෙ ඉගිබිගි නුරා පානා
වෙස් මුහුණු ගෙතුලෙහි ඇති..
හාමතේ කුසගිනි දරා
බත නොඉදෙනා පැලකුත් ඇති..
මිනිස් සිත් අනියත නොදකිනා
රෝ බියෙන් ඇලලී ඇති..
නොනිමි නොමිනිස්කම් ඉදිරියේ
ලෝ දහම ජයගෙන ඇති..
දෙසූ බුදුහිමි සැබෑ දහමේ
අරුත දැන් වැටහෙනු ඇති..
අවධි වියයුතු වෙමින් නොපමා
මිනිසුනේ ගෙවූ කල් ඇති..!
ඕෂදා පාරමී
වයස - 23
කැලණිය
නිමක් නොමැති බව කතරේ
ඉපි ද ගෙවන දුක් ගඟුලේ
සොයමි සැපත මේ ගමනේ
ඉපිද මැරෙන දිවි ගමනේ....
ජාති ජරා මරණ සමඟ
මිටි මොලවා උපන් දිනේ
ඉදන් මෙඅප පොර බැදුණේ
කවර සුඛක් වෙනුවෙන් දෝ....
දුටුව විගස සිත බඳිනා
කවර දෙයක් වුව මෙ ලොවෙ
තණ්හා රති සමග බැදුණි
හිමි නොවන සැපත පතා....
අමාමෑණි හිමි සඳුනේ
පිහිට වෙන්න දම් රුවනේ
සරණ නොමැති අසරණ මා
මුදාලන්න භව ගමනේ....
වැටහෙයි දැන් නැත කිසිවක්
මගේය මාගේ කියලා
අනියත දුක අනාත්මය ද
පසක් විය මේ සසරේ....
හිමි ගිය මග ස්ථීරය
අප යන මග අස්ථීරය
ලෝ සත වෙත සරණ වෙන්න
වඩිනු මැනවි බුදු සමිදේ....
ළහිරු මනුදිත
වයස - 20
පානදුර
සැබෑ දියුණුව
සැබෑ දියුණුව
කාමය පසුපස ලුහුබැඳ
ඇදිවත අහිමි ව ළතැවෙන
රූපෙට වසඟ ව අන්ධ ව
විපත් කරයි තමාහට ම
සොඳුරු තරුණ ඔපය නිසා
දෙතිස් කුණපෙ සැපයි කියා
හිත පිනවන රූප සොයා
සසරට යයි මේ මිනිසා
තාක්ෂණේ දියුණුවක් ලු
මහමාර්ග තැනෙනවා ලු
දුම්රිය අහසෙන් ඇදේ ලු
අනාගතේ හරි සුබයි ලු
භෞතික දියුණුවට වඩා
මිනිස් හිතේ දියුණ පතා
බුදු වදනේ අසිරි බලා
වැඩ කරමු ය සැපය පතා
අධර්ම රාගය හැමතැන
සොයුරු පෙමක් නෑ මිහි මත
පියවරු නොදනියි දියණිය
බැඳිලා මේ දැලෙන් කාම
කරදඬු උස තරුණ පුතුට
අමතක වී බිහි කළ මව
ලොව යන්නේ අගාධයට
විනාසයෙන් විනාසයට
මිනිස්සුනේ ඇස් ඇරපන්
දැවෙන සිතේ ගිනි නිවපන්
ඒකට තව පිදුරු නොදෙන්
රාගය පසෙකට දමපන්
නීල වරල ඉදෙනවා ලු
දිලිසෙන ඇස් ගිලෙනවා ලු
සුදු හම රැළි වැටෙනවා ලු
මුතුවන් දත් හැළෙනවා ලු
දුක සේ මිනිසත් බව ලැබ
දුක සේ ලද දිවි රැකගෙන
දුලබ ව ලද අමා ගඟ ද
හෙළන්නේ ද මහමුහුදට?
රාග ද්වේෂ මෝහ දුකට
ගන්නට ඔසුවක් වෙයි හොඳ
අත්දුටු ව ය ප්රත්යක්ෂ ය
ඔබ ද බලනු එය හුරු කර
රාගය සිත ගිනිළන විට
තැන්පත් කරගෙන නිසි ලෙස
තුනුරුවන ම සිහි කළ විට
රාග ලෙඩේ නැසෙයි යසට
හිත හොඳ හැටි සුද්ද කරන්
රැකගන් එය බුද්ධ ගුණෙන්
හදවත ගඳකිළිය කරන්
ඒ සිහිලස විඳිනු තුටින්
මලිඳු දුනුවර
වයස - 17
කඩවත
සහම්පති, බුදු රජිඳු අමතයි
ගිරිමෙවුල් ඇත් රජුන් පිට මරුන් ඇදෙද්දී
යුද දවුල් සක් නදින් සක්වළ ම වෙළෙද්දී
සිරිමතුන් සස් බෙලෙන් මහ පොළොව සැලෙද්දී
දස මරුන් නැවතුණේ සක්වළේ ඉමේ දී
මහවීර විසාරද උදා රිවි රජිඳුනේ
නර විරජ කෙලෙස් මුල් සිඳ දැමූ මුනිඳුනේ
කුරවීක මිහිරි සර සිහිල දෙයි උතුමනේ
විවර කළ මැනවි දම් අමා ගඟ සමිඳුනේ
පියුම් පා ඇති පින්වතාණෙනි, මගේ ඇරයුම තුටින් පිළිගෙන
නිවන් මග ගිය සුගතයාණෙනි, මහා කරුණා නෙතින් බල මැන
සියලු දුක් නැසු වීරයාණෙනි, ඒ නිවන් දොර විවර කරමින
සොඳුරු සදහම් අමා ගඟුලෙන් ලොවට සිහිලස ලබා දෙනු මැන
මොහඳුරින් යුගඳුරට දුක
වෙත ම ඇදි ඇදී
වියැළෙමින් ගිය ලොවට වරුසාව ලැබ දි දී
බුදු නෙතින් බල මැන ව මුදු කුළුණු සිහිල දී
සිරි මුවින් දම් දිනිඳු නැගෙන තුරු මල් හිඳී
මලිඳු දුනුවර
වයස - 17
කඩවත
කරනෙමු පාද පද්ම සුඛ වන්දන.....
තිලොව සුපූජිත සුගත තථාගත
සම්බුදු අමාපියේ....
අංගී රස බුදු දහමට පා නෙත
තිලොවග බුදු සමිදේ....
දම් ගගුලින් ගත සිත සනසාලන
මෙත්මල් පිබිදී අකුසල් වලකන
දෙසුදම් ගුණකඳ සිත් තුල රැව්දෙන
තුන් හෙළයම දම් කිරුළු පළන්දන
අඳුර ඉරාලු සොමිගුණ වින්දන
මෙත් මුදිතාවෙන් ගතසුව කැන්දන
කරුණා පරවශ සිත් අභිනන්දන
කරනෙමු පාද පද්ම සුඛ වන්දන
විනුක් තිස්මල්පොල
වයස - 18
පිටකෝට්ට
අජපල්හි මර රැඟුම
කාම ගිනි සිළු රඟන
දුහුල් සළු ගෙන වැළඳ
රඟ මඬල දෙස බලන
සැම නෙත ම බැඳ දමන
මධුර ගී තාල මැද
දෙව්ලියන් මේ රඟන
යශෝ ක්ෂණයෙන් නසන
රඟ මඩල දෙස අරුම
නො බලා ම හිඳිනු කිම
සොඳුරු රන් රුව දරන
කුමරු සිදුහතුනි ඔබ
සොයන්නෙ ද සිතිජ ඉම?
කළු ගලක් සුවිශාල
දතින් බිඳලනු කෙලෙස
මුලින් උගුලා දැමුණි
මුල් අදිනු යළි කෙලෙස?
මලිඳු දුනුවර
වයස - 17
කඩවත
රටේ පවතින තත්වය මත වෙසක් අසිරිය
බුදුරජාණන් වහන්සේගේ ඉපදීම,බුදුවීම හා පිරිනිවන් පෑම යන උතුම් අවස්ථාවන් හදපිරි බැතියෙන් සමරන සිංහල බෞද්ධයාගේ තිලෝශාක්ය මංගල්‍යය වන වෙසක් උත්සවය සෑම වසරක ම මැයි මාසයේ ඉතා උත්කර්ෂවත් අයුරින් අප සැම සමරනු ලබයි.නමුත් වෙනත් වර්ෂවල මෙන් නොව මෙම වසර ආරම්භයේදී ම අප රටට මෙන් ම මුළු මහත් ලෝක වාසීන්ට සිදු වූ අභාග්‍ය සම්පන්න තත්වයකින් සෑම මිනිසෙකුගේ ම ජීවන රටාව නොසිතුවිරූ ආකාරයට වෙනස් විය.
ලෝක වසංගත තත්වයක් ලෙස හදුන්වන චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී මුළු ලෝකයට ම ව්‍යාප්ත වූ කොරෝනා නොහොත් කොවිඩ් 19 වසංගතය නිසා මුළු ලෝකයම කැළඹී ඇති අවස්ථාවක් මෙන්ම මිනිසුන් සීඝ්‍ර වශයෙන් ආසාදිතයන් වන අතර තවත් විශාල පිරිසක් දිනපතා මිය යයි.මෙවැනි අවස්ථාවක කිසිම උත්සවයක් හෝ සැමරීමක් කිරීමට සංවේදී හදවත් ඇති ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට නොහැකි කාර්යයකි.
තවද සමාජ දුරස්ථභාවය හා හොඳ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය නිසා වෙනදා මෙන් වෙසක් සැරසිලි,දන්සැල්,විනෝද සැණකෙළි,ආගමික ස්ථාන වැඳ පුදා ගැනීම් හා විශාල කණ්ඩායම් ලෙස වෙසක් අසිරිය නැරඹීමට යාමද මුළුමනින් ම අකර්මණ්‍ය වී ඇත.
නමුත් තවත් අතකින් එය සියලු දෙනාටම යහපත් වන අර්ථවත් වෙසඟක් කර ගැනීමට ද අපට පුළුවන.
පවුලේ සියලු දෙනා සමඟ එකට එක් වී වෙනදාට වඩා සමීපව,සාමකාමීව සතුටින් නිවසේ සිට තම නිවසත්,ගෙවත්තත් අලංකාරව සරසා ගෙන නිවසේ සිටම ආගමික වතාවත් වතාවත්වල යෙදී අර්ථාන්විත සුභ වෙසඟක් සැමරීමට අපට හැකියාවක් ඇත.කාර්යබහුල දිවියක් ගත කෙරූ අප සැම පුරුදුව සිටියේ වෙනත් රටවලින් ආනයනය කරන ලද ප්ලාස්ටික් වෙසක් සැරසිලි හා කොඩි වලින් නිවස සරසා ගැනීමට ය.විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කරමින් සිදු කෙරූ ඒ පරිසර දූෂණ ක්‍රියාවන් නැවතී,ගෙදර සැවොම එකට එක් වී උණ බටයකින් ලස්සන අටපට්ටමක් සාදා සව්කොළ වලින් ඒවා අලවා,බකට් නිර්මාණ සාදා ඉටිපන්දම් දල්වමින් ඒ සියල්ල ආලෝකමත් කර නිවසෙත්,ගෙවත්තෙත් අලංකාරව සරසාගෙන ඉතා සතුටින් වෙසක් උත්සවය සැමරීමට අපි ඉටා ගනිමු.
තවද මේ උතුම් වෙසක් මංගල්‍යයේ අනුහසින් හා ආනුභාවයෙන් අප රටට මෙන් ම ලෝක වාසීන්ට මේ රුදුරු කොරෝනා වසංගත රෝග බියෙන් ඉක්මනින් මිදී ලෝකයත්,රටත්,ගමත් නිවසත් සුවපත් වී ආරක්ෂා වේවායි සැවොම එක් සිතින් සිතා පහනක් දල්වා ප්‍රාර්ථනා කරමු.
සාධූ! සාධූ! සාධූ!
දිනුක රන්දිම
වයස - 19
ආනන්ද විද්‍යාලය
කඩවත
නැතිව වෙනසක්
වෙනදා වාගෙම
වෙසක් සඳ පායනු ඇති..
නේක සැරසිලි
තොරණ් දන්සැල්
ඒ කිසිත් අද නැතුවැති..
වෙසගෙ ඉගිබිගි නුරා පානා
වෙස් මුහුණු ගෙතුලෙහි ඇති..
හාමතේ කුසගිනි දරා
බත නොඉදෙනා පැලකුත් ඇති..
මිනිස් සිත් අනියත නොදකිනා
රෝ බියෙන් ඇලලී ඇති..
නොනිමි නොමිනිස්කම් ඉදිරියේ
ලෝ දහම ජයගෙන ඇති..
දෙසූ බුදුහිමි සැබෑ දහමේ
අරුත දැන් වැටහෙනු ඇති..
අවධි වියයුතු වෙමින් නොපමා
මිනිසුනේ ගෙවූ කල් ඇති......!
ඕෂදා පාරමී
වයස - 23
කැලණිය
තඹරු විලේ
තබරු මලේයා ..... පංකජහි පිපේයා
දෙරණම තලඹා ..... ගොඩහි පිපේයා
සිහ නද කරවා ඔකදව මිහිමත
බිහිරන් කන් කලු වූවා මේ මත
කැටයම් උන ගල් කුළුණේයා
තඹුරු මලේයා සුවද රැදේයා
තිලකුණු අසිරිය ලොවට කියේයා
සම්බුදු බණපද තෙපුලේයා
දිය නිසලයි හද සසලයි
විරාගයට මග තඹුරු මලයි
සිල් ගුණයයි දම් ගුණයයි
වෙසගේ අසිරිය තඹුරු මලයි
කේ.පී. නෙවන්ජා
වයස - 15
යක්කල