wfma fjila rpkd
සමිඳු උපතයි වීම් බුදු මැයි පිරිණිවන සමරනු රිසින්
සැමරු වෙසඟයි සිහිල් සෙවනයි බෝධි මූලයේ අනුහසින්
සතුට සැනසුම සමිඳු දෙසුමැයි පෙලගැසෙන් ඒ අභිමනින්
දුරුව බාධක ඉවතලනුමැයි පැතුම මේ සිරි වෙසඟනින්
රෝග බිය නම් පෙලට සැදුනිම් දුර්භික්ශ බිය ඇති කෙරේ
සැසඳුමෙන් එහි අවසනට නම් අමනුස්ස බිය ඇති කෙරේ
උතුම් වෙසඟෙහි සමිඳු දෙසු බණ සිහි කරන් හැම රිසි ලෙසේ
රෝග වනාහී දුරු කරන්නට පිරිත ඔසුවක් වේ මැනේ
යූ. පී. එල්. එම්. ලයනල්
වයස - 25
පානදුර
වෙනදා වගෙ නෙවෙයි අද
සඳසාවි පවා අද
මහ අහසෙ හැංගිලා
වළාකුළු නිදනවා
මීටරේ දුර තියන්
පන්සලේ පොඩි සාධු
එල්ලාපු බොදු කොඩිය
තනිකමින් හිඳිනවා
වැටක් උඩ එල්ලිලා
වැලි මළුව උඩ වැටුණු
බෝ දළුත් හඬනවා
කොරෝනාවක් කරපු හදියක්
දරාගන්නට බැරි වෙලා
පිළිමගෙයි වැඩ හිඳින
බුදු සාධු අඩනෙතින්
දීඝායු පතනවා
ලක් මවට සම සිතින්
වෙනදා වගෙ නෙවෙයි අද
පන්සලත් හරි නිසොල්මන්
සෙනඟ නෑ පන්සලේ
කොරෝනාවක් කරයි හොල්මන්
එස්.ඒ.පවනි වාසනා කාවින්දි
වයස - 17
රත්නාවලි බාලිකා විද්‍යාලය ගම්පහ
ගම්පහ
වෙසඟකට සිරියක්
වෙසඟකට සිරියක්
අවැසි නෑ තොරණකින්
පහන් කූඩුවකින් තියා
එකදු දන්සැලකින් වත්
හැකිනම් දල්වන්නට
පහනක් නිවසේ සිටම
නොපෙනෙනා ලොවක සිටින
නොවඩිනා දෙවියන් වෙනුවෙන් නොව
වෙද , රණවිරු , තැපැල් , පොලිස්
මනුලොව දෙවි සෙවණැලි වෙත
එයයි සිරිය වෙසක් දිනක
කිසිදු දිනක නොලැබුණ මුත්
ලැබිය හැකිම උතුම් සතුට
එස්.ඒ.පවනි වාසනා කාවින්දි
වයස - 17
රත්නාවලි බාලිකා විද්‍යාලය ගම්පහ
ගම්පහ
පරව ගිය මැයි මලක්
අනඳ නා හිමි වෙතට
ලබා දීලා ශිල්ප සත
රතන සුත්තං දෙසමින
පිරිත් පැන් ඉස්සාහ නුවරට
ගෝතම අප මුනිදු සඳ
එදවස වැඩ සිටින සඳ
විසාලාවට පැමිණි බිය
නිමා කළහයි , දුකක් නැතිවම
තෙමඟුල පවා සිතු ලෙසට
සමරන්නට අද නොහැකි විය
තුන් බිය නැවතත් ලොවට
දෑත් දිගු කරයි පෙර ලෙසට
අබ මිටක් සොයයි නැවතත්
මෙදවස කිසාගෝතුමියක්
දෙදරු හා හිමි නැතිව
වැළපෙයි , තනිවුණ පටාචාරාවක්
වෙසක් මහේ පරව ගිය මැයි මලක්
ඉකි බිඳින හදවතින්
යදීයි ආයාචනාවක්
" මෙතේ බුදුනි , හැකි නම් වඩිනු මැනවි
අතු අඟ පිපුණු මැයි මල් යායම
පරවෙන්න පෙර"
එස්.ඒ.පවනි වාසනා කාවින්දි
වයස - 17
රත්නාවලි බාලිකා විද්‍යාලය ගම්පහ
ගම්පහ
සුප්රබුද්ධ ත්‍රෛමංගල්‍යයේ ආනන්දීය වන්දනය
බුදුන්ගේ පහස ලද මේ උතුම් මාතෘ භූමියට අද ඉතා භයානක ව්‍යසනයක් පැමිණ ඇත. මේ ව්‍යසනය නිසා අප මාතෘ භූමියේ කිහිප දෙනෙමුටම මෙලොව හැරදා යාමට සිදුවිය. මෙම කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් - 19 නම් වෛරසය නිසාවෙන් මුළු රටටම ඇදිරි නිතිය පැණවු බැවින් මුළු මහත් සියලු ජනයාට සියලු රැකියා ආදියෙන් මිදී නිවසටම වී සිටීමට සිදුව ඇත. ගිය වසරද අපට වෙසක් දිනය සැමරීමට නොහැකි විය.ඒ නොසිතු මොහොතක සිදුවූ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරයක් නිසාවෙනි. මෙම වසරේද කොරෝනා නම් භයානක වෛරසය නිසා අපට වෙසක් මංගල්‍යය වෙනදා මෙන් සතුටින්, උත්කර්ෂවත් අන්දමින් සැමරිය නොහැක.
අප සම්බුදු පියාණන්ගේ ඉපදීම, බුදුවීම, පිරිනිවම් පෑම යන තෙමඟුල සිදුවූ ඒ උතුම් දිනයට වෙනදා ඉතා අලංකාර අන්දමින් වෙසක් කලාප, වෙසක් පහන් කූඩු, තෝරණ් වලින් එළිය වන ශ්‍රී ලංකා භූමියට අද සිදුව ඇත්තේ නිවසට වී සිටිමින් අප අම්බුදු පියාණන් සිහිපත් කිර්මටයි. වෙනදාට වෙහෙර විහාරස්ථානවලට පැමිණ ආමිස හා ප්‍රතිපත්ති පුජාවලට මුල් තැනක් ලබාදෙමින් සමරන වෙසක් මංගල්‍යය අපට නිවසට වී සැමරීමට සිදුව ඇත. වෙසක් දින උදෑසන සීල සමාදන්වීමට පන්සල් කර ඇදී යන අපේ බැතිමතුන්ට නිවසේ සිට සීල ව්‍යාපාරයේ යෙදීමට සිදුව ඇත. කෙසේ වෙතත් අප බුදුපියාණන්ගේ මේ උතුම් දිනය බෞද්ධයන් විදියට අපට හැකි අයුරින් සැමරිය යුතුය.
වෙසක් වලට වෙසක් කාඩ්පත් මිතුරන් සමඟ හුවමාරු කරගන්නා අපට මෙවර එසේ කල නොහැක. මුළු රටටම ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කඩ-සාප්පු මෙන්ම පාරවල් ද වසා ඇත. මේ වෙසක් සමයේ තමාගේ ජීවන වියදම සලසා ගන්නා පහන් කූඩු, තොරණ් සාදාන්නන්ටද, වෙසක් සුභ පැතුම් පත්, විදුලි බුබුළු අලෙවි කර තමාගේ ජීවන රටාව පවත්වා ගන්නා අයද දැඩි අසිරු තත්වයකට පත්ව තිබේ. මුළු ලෝකවාසී සියලු ජනතාවගේ ජිවන ගමන අඩාළ කිරීමට ඉතා කුඩා වෛරසයක් සමත්ව තිබේ. එහෙත් මේ වෛරසයට ජාති, ආගම් කුල භේද නැත. මෙය ඉතා භයානක තත්වයකි.
මෙවර වෙසක් මංගල්‍යය අපට උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය නොහැකි වුවත් ආගමික ස්ථානවල බැතිමතුන්ගෙන් තොරව ආමිස හා ප්‍රතිපත්ති පුජා පවත්වනු ලබයි. ප්‍රසිද්ධ විහාරස්ථානවල සිට විවිධ වැඩසටහන් ජනතාවට ලබාදීමට විද්‍යුත් මාධ්‍ය මඟින් කටයුතු සලසා දී ඇත. සෞඛ්‍ය අංශ ලබාදෙන සෞඛ්‍ය පුරුදු නිසි අයුරින් අනුගමනය කරමින් අපි ඒ හා සම්බන්ධ වෙමු. අපි සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදිමින් නිවසටම වී ආරක්ෂාව සපුරා ගමින් රටේ තත්වයට නොබියව මුහුණ දීමට සෞඛ්‍ය අංශවලටත්, ආරක්ෂක අංශවලටත් සහයෝගය ලබා දී මෙම කොරෝනා වසංගතයෙන් අපේ රට බේරා ගනිමු. මේ මොහොතේ අපට අපේ රට වෙනුවෙන් කල හැකි උපරිම දේ අපි ඉටු කරමු. අප රටේ පවතින මේ වසංගත තත්වය දුරු වී සියලු රටවැසියාටත්, අපගේ මාතෘභූමියටත් සෙත් ප්‍රාර්ථනා කරමු.
එපමණක් නොව අපේ ජීවිත ආරක්ෂා කරවීමට දිවා රෑ නොබලා තමාගේ සේවය අකුරට ඉටු කරමින් අප වෙනුවෙන් තම ජීවිතය කැප කටන වෛද්‍යවරු, හෙද-හෙදියන් මෙන්ම සියලු සෞඛ්‍ය අංශ නිලධාරීන්ට ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ද මේ කරන්නා වූ සේවයට අපගේ ප්‍රණාමය පුද කරමු.
චලනි නිමේෂිකා
වයස - 18
ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලය
මාලඹේ
සුලං ගානට
හඹාගෙන යන
මාර බන්ධන
හමුවෙනවා නිතරම
මාර සේනා ලග
දණින් නොවැටුනු හිත
වට්ටන්න හිතාගෙන
මාරපුත්තුත්
රැගුවා තාලෙට
දන්නවද නුඹ
සත් මහල් තලයට
දැනුනා සීතල
හිමව් අරණට වැඩිය
මහේෂි සිල්වා
වයස - 19
ධර්මපාල විද්‍යාලය
පන්නිපිටිය
පින්බර වෙසග කුරුලු ඇසින් ....
කාල පැහැ අදුරු සළු බැති සිතින් බිමහෙලා
සොබාමව් නේක පැහැ දිව්‍ය සළු පොරවාලා
සුපුන් සද අහස සිට මේ දෙසම නෙත්හෙලා
සොබාමව් කෙරේ ඇති ආලයෙන් පිම්බිලා
අදුරේ ගිලී හඩලනු වස් උලලේනා
බැතිගී ඇසෙයි සවනත වෙත තුටු ගේනා
මිහිමව් ගීත ස්වරයෙන් මනමත් වීලා
රැගුමක් රගයි දෙව්ලොව අසිරිය පාලා
පන්සලේ ගන්ටා නදින් මනුසිත් සතන් සෑම පුබුදුවා
පොඩි සමිදු අප බණ කියයි සෑම සසල සිත් සැනෙකින් නිවා
බෝසමිදු මුල සුදුවතක් ඇද වාඩි වී අත් බැද තබා
සාදු නද දෙන්නට හිතයි මට කුරුලු වෙස් පසකින් තබා
උතුම් සම්බුදු තෙමගුලේ ඇති පවර අදහස දෙස බලා
මහගු පිලිවෙත් පුරන කෙලෙසද හැඩ බලා සැනසෙන විනා
නිම්තෙරක් නැති නුබ ගැබේ ඇති අදුර විනිවිද සරමිනා
වදිමි පතනෙමි පිනැති ඔබ වෙත උතුම් සුබ වෙසගක් කියා
දීපජ දෙනෙත්
වයස - 18
අංගොඩ
රටේ පවතින තත්වය සමග වෙසක් අසිරිය
"අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝසත අතරින් ජනිත වුණා"
තුන් ලොවක්, ශ්‍රී මුඛ මධුරස්වරයෙන් නිවී සනසා වදාාළ අනත්ත සංඛ්‍යාත මිත්‍යා අන්ධකාරයෙන් වසන්වී සිටි මනුෂ්‍ය වර්ගයා,සත්ව වර්ගයා,දේව වර්ගයා පමණක් නොව යක්ෂ,ප්‍රේත,අසුර ආදී නොයෙකුත් වර්ගයන් හි ප්‍රාණින් අරඔයා සිය අප්‍රමාණ මනෝ ස්කන්ධය මෙහෙයවමින් සංසාර බව බව කතරින් එතර වීමේ නිමල මාර්ගය පෙන්වා වදාළ, කරුණාව සහ මෛත්‍රියේ අග්‍රගණ්‍ය ප්‍රතිමූර්තිය වූ අප මහා මහ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේගේ උතුම් වූ ත්විත්ම මංගල්‍යය සිහිකරනු වස්,ඒ ලොව පුරා බෞද්ධ භක්තිකයන් විසින් ආමිස සහ ප්‍රතිපත්ති පූජා යන ද්විත්ත්ව පූජාවක් පෙරටු කොටගෙන සමරනු ලබන උතුම් මංගල්යාභිශේකයක් ලෙස වෙසක් මංගල්‍යය හැඳින්විය හැකිය.
2019 වර්ෂයේ සිදු වූ ත්‍රස්තවාදී ඛේදවාචකය හමුවේ ආමිස පූජාවෙන් වෙසක් මාසය,වෙසක් උත්සවයක් බවට පරිවර්තනය කරමින් සැමරීමට හැකියාවක් ලැබුණි.මිලේච්ඡවාදි ත්‍රස්තවාදය හමුවේ වෙසක් මංගල්‍යය නිසි අයුරින් අද සැමරීමට නොහැකි වූවත් ලබන වෙසඟ බුද්ධාලම්බන ප්‍රීතිය උතුරා යන අද මෙන් ජාති-බේද, ආගම්-භේද,නොමැති සාමයේ සුගන්ධ්ය දසත ගලා යන වෙසඟක් වේවා.
යනුවෙන් එදා ප්‍රාර්ථනා කළ අප ලොකු කුඩා හැම දෙනාගේම සිත් තුළ ගැබ් වී තිබූ ඒ අහිංසක උතුම් වූ සමයේ ප්‍රාර්ථනාව වර්තමානයේ වාසනාවකට මෙන් ඉෂ්ට වී තිබූ නමුත්, 2020 නව වර්ෂයෙන් දෙමසක් නිමවී මැදින් මාසයේ දී ලෝකයේ බොහෝ රටවල සැරිසරා ගිමන් නිවාගැනීමට මෙන්න අප රට තුළට ඇතුළු වී එක් නිමේෂයකින් සියලු දේ සුණු විසුණු කොට සුන්දර දේශයක්,තුන්බියෙන් ඇළලී ගිය දේශයක් බවට පත් කළ සහ එලෙස පත් කරමින් සිටින "කොරෝනා"හෙවත් කොවිඩ් 19 යන නමින් කිරුළු පැළඳ සිටින පියෙවි ඇසට දෘශ්‍යමාන නොවන වෛරස් ගණයේ ක්ෂුද්‍ර ජීවියෙකු නිසා මෙවරත් උතුම් වූ වෙසක් මෞලි මංගල්‍යය සමරන්නට වී ඇත්තේ නිවස තුළට වී සීමා වෙමින් ය.අන් වෙසඟක අප වර්ණවත් අයුරින් තොරණ බැඳ භ්‍රමණය වන වෙසක් කූඩු සාදා අන්අයට ඉදිරිපත් කරමින් දන්සැල් පවත්වමින් සහ ගමේ පන්සල වෙත පියමං කරමින් විවිධ වූ ආගමික වතාවත් වල නිරත වුවත් වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රජයෙන් පනවා ඇති නිර්දේශවලට අනුව අප සැම හට සිදු වී ඇත්තේ තම නිවසේ රැඳෙමින් පහන් කූඩු සාදමින් සහ නොයෙකුත් ආගමික වතාවත් වල නිරත වෙමින් උතුම් වූ වෙසක් මංගල්‍ය සැමරීමටය.
වත්මන් කොරෝනා ව්‍යසනය ඉදිරියේ ලෝකයේ බලවත් යැයි නාමික රටවල් වලට වුවද දණ ගැසීමට සිදු වී ඇත්තේ කොරෝනා වෛරසය උස් පහත් කිසිදු භේදයකින් තොරව ක්‍රියාත්මක වන බව ලොවට පෙන්වමිනි. මෙවැනි වපසරියක් හමුවේ කොරෝනා වසංගතය අපට ආ තවත් එක් අභියෝගයක් යැයි සිතා එම අභියෝගයටබියගුළුව නොසැඟවී අප රටේ සියලු ජනතාව ලොකු කුඩා ජනතාව යැයි වර්ගීකරණය නොකර සැමදෙනාගේම ආරක්ෂාව මුඛ්‍ය පරමාර්ථය කොට ගෙන ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කරන අප රටේ පාලකයන් ඇතුලු නිදි නොමැතිව අපගේ ආරක්ෂාව වෙනුවෙන්කැපවෙන රණවිරුවන් සුව විරුවන් සහ අනෙකුත් විවිධ අංශවල නිලධාරීන් සිය රක්ෂණය ගැනවත් නොසිතා අප සැම රක්ෂණය කිරීමට බැඳී සිටින්නේ ගණනාවක් එක් කොට සෑදූ රන්මාලයක් ලෙසිනි.
ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස මෙකී වියසනය ව්‍යාප්ත වී ඇති අවස්ථාවක ඇතැම් රටවල ආසාදිත අවුරුදු 60ට වැඩි වයස්ගත ජේෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ නොසලකා හැර අන් පුද්ගලයන්ගේ ආරක්ෂාව ගැන සොයා බලයි. තවත් රටක් මූර්ති ව්‍යසනය හමුවේ වෙනත් රටකට යුද ප්‍රහාර එල්ල කරයි.
පූර්වෝක්ත වියසනය සම්මුඛව ඇතැම් රටවල් එලෙස නොමනා අයුරින් ක්‍රියා කරද්දී බුදු සිරිපා පන්සලක් මේ පුණ්‍යභූමිය කොරෝනා වසංගතය හමුවේ ක්‍රියා කරන අන්දම මිනිසුන්ගේ දෑස් වලින් උණු කඳුලක් කොපුල් හරහා පියමං කරනු නොඅනුමානය.
කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීම උදෙසා ගන්නා සෑම පියවරකම මූලික අඩිතාලම ලෙස ආරක්ෂාව යොදා ගෙන තිබීමප්රශංසාවට කරුණකි.සිංහල ජාතීන් විසින් සෑම අවුරුද්දකම පාහේ අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන මහ සූර්ය මංගල්‍යය ද මෙකී කාරී තත්වය හමුවේ සැමරීමට වූයේ නිවසේ සිටය. එලෙසම සිදුහත් කුමාරයාණන්ගේ උතුම් වූ තෙමඟුල සමරනු ලබන වෙසක් මෞලි මංගල්‍යය ද සැමරීමට සිදුව ඇත්තේ ගෘහස්ථ ගතවය.
මෙලෙස ස්වභාවධර්මයා විසින් අපට ලබා දුන් දඩුවම බොහෝ වේදනාකාරී දුෂ්කර දෙයක් වුවත් මෙය අප විජයග්‍රාහී ලෙස ජය ගත යුතුය.ඒ සඳහා අප රටක් වශයෙන් නැගිටිය යුතුය.ලක්වාසී ජනතාව වශයෙන් අනෙකාට ඇඟිලි දිගු නොකොට පළමුව තම තමන් මෙම වෛරසය පිළිබඳව දැනුවත් වී ලෙන්ගතුකම දෑතේ දුරින් තබාගෙන අන් අයවද දැනුවත් කළ යුතුය.උතුම් වූ වෙසඟ සමරන මෙම මාසයේදී අපට ආමිස පූජාව පහන් කූඩු ආදිය නිර්මාණය කරමින් සිදුකළ හැකි අතර ප්‍රදර්ශන තොරන් බැලිමෙන් සහ දන්සැල් පැවැත්වීමෙන් වැළකිය යුතුය. ප්‍රතිපත්ති පූජා පැවැත්වීමේදී තම නිවසට පමණක් එය සීමා කළ යුතු අතර පන්සල් වෙත පියමං කිරීමෙන් වැළකිය යුතුය.
ඉහත ආකාරයට අප සැම නිවැරදිව පවතින තත්වය සමග උතුම් වූ වෙසක් මෞලි මංගල්‍යය සමරමින් අප රකිමින් රට රකින අපගේ අභීත සුවවිරුවන්ට සහ රණවිරුවන්ට උතුම් වූ සහයෝගයක් ලබා දිය යුතුය.එය ඉටුකිරීම සිරිලක් මෑණියන්ගේ සෙවණෙහි වැඩුණු සිහළයන් වශයෙන් අපගේ යුතුකමක් මෙන්ම වගකීමකි.
කුෂ්මි ජිනින්ද්යා පිරිස්
වයස - 16
පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලය
බිම්බා දේවී
සිද ගෙයි කැණිමඩල බිද සසරක ගමන
හිමි ආ මගට හෙවනැල්ලක් උනේ මම
ගෙන පුතු රාහුලව ඇකයෙන් සත්මහල මත
හිත ඇහුවේම හිමව් අරණේ කොතැන නුඹ
දීපoකර බුදුන් එදවස මඩ මත වැතිර බිම
විවරණ ලදිමි පිපෙනට නෙළුමක් වී මෙතෙර
අදුරේ තව පහන් දැල්වෙයි අද වගෙම
සමිදුනි අපි ආයෙ හමුවෙන්නෑ සසර
අදටත් එහෙමමයි සතහට දුක වෙයි නපුරු
අළු යට දැවෙනවා සතුටක් නැහැ රැදුණු
හලනට නැතත් අවසර කදුලක් කිදුරු
මට මගහැරුණි තැන සමිදුන් පිරිනිවුණු...
මහේෂි සිල්වා
වයස - 19
ධර්මපාල විද්‍යාලය
පන්නිපිටිය
රටේ පවතින තත්ත්වය සමග වෙසක් අසිරිය
"හේතු පට්චිච සම්භූතු -හේතු භංගා නිරෑජ්ජති හේතුවකින් හටගත් යමක් වේද එය හේතුව නැති වී යාමෙන් විනාශ වි යයි"
යන සම්බුද්ධ දේශනාව පාත්‍ර කොට ගෙන තිලොවට තිලක වු අමාමහ බුදු රදුන් විසින් එකී බුද්ධ වාක්‍ය ලෝ සත්‍යක් බව ලොවට සනාථ කරවමින් උතුම් වු පරිනිර්වාණය මෙවාන් වෙසක් පුර පසලොස්වක දවසක ලොවට පහදා දුන් සෙක එපමණක් නොව සොබා සෞන්දර්ය අගය කල උන්වහන්සේ තෙමගූල සිදු කලේ මෙවාන් දිනක විම සුවිශේෂී වන්නේ උන්වහන්සේ ගේ තිබු චාම් දිවි පෙවෙත අර්ථවත් කරමින් .ඇතිවිම නැතිවිම ලෝක ධර්මයක් බව බුදු රදුන් පහදා දුන්නේ එය චක්‍රයක් මෙන් වන බවයි.එනම් ජාති,ජරා, ව්යාධි්, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස.. ආදී වශයෙන් .ලොව පවත්නා සියලු දේ අනිත්‍ය බව පැවසුහ.
'චක්කංව වහතෝපදං' එනම් තමන් සිදුකර ගන්නා පාප කර්මයොකරත්ත රෝදය මෙන් තමා පසුපස මෙන් තමා පසුපස හඹා එන බව දක්වමින් මිනිසා මෙන්ම ලෝක සත්යෝ උපතේ සිටම තමන් රැස් කර ගන්නා පිං පව් පමණක් රැගෙන යන බව පවසා සිටිය 'වෙසක්' යනු පිංරැස් කර ගැනීමට පමණක් වෙන් වු කාලය නොවේ. තම ජිවිත කලය පුරාටම එකි රැස්කර ගන්නා වු පිං පව් මත තම සසර ගමන තිරණය වන අයුරු බුදු රදුන් සුත්‍ර දේශනා රැසක දිම පවසනු ලැබිය.එසේම වයස්ගත ව පිට රැස් කිරීමට සිතමින් සිටින්නා මඩ පිට තැවෙන්නා වු මහලු.කොස්වා ලිහිණියෙකුට උපමා කොට දක්වයි එනම්'
"අඩරිත්වාබ බ්‍රහ්ම චරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණ් කොඣ්ව ග්රයන්තී
ඛීණ මච්ජේව පල්ල්ලේ " ලෙසයි
108ක් වු මංගල ලක්ෂණයන්ගෙන් පරිපුශට වු බුදු රදුන් තමන් සතු අනන්ත ගුණ වු නිහතමානී ගුණය,සරල දිවිපෙවෙත අදී ගුණ දහම් මැනවින් නිරුපණය වනනේ කිමකි තෙමගූල අසුරිනි.සියලු සැප අතහැර බුදු බව ලැබිමට උන් වහන්සේ තිරණය කලේ සියලු සැප සම්පත් හි අනිත්යතව මැනවින් විදහාපමිනි වෙසක් කුඩු ලෙස 'අටපට්ටම' යනුවෙන් බොහෝ නිවෙස් වල කුඩු අකෘති සදයි.මෙයින් සත්‍ය වශයෙන් ම කියවෙනේ අටලෝදහමයි.එනම් ලාභ, අලභ, යස අයස,නින්ද, ප්‍රශංසා ,සැප ,දුක යන අටලෝදහම මැනවින් නිරිනය කරමින් එකි නිර්මාණය සංඛෙතවන් කරයි.
බුදු රදුන්ගේ උතුම් ගුණයක් නම් උපමානුසරයෙන් බණ දේශනා කිරීමයි.නිදසුනක් ලෙස පිරිත් මණ්ඩපය ගත් කල.
පැන් කලය-සෞඛගස
බෝ කොළ-බෝධි වෘක්ෂය
ආසන - බ්රද්ධාසනය
තව ද පිරිත් පටන් ගනුයේ සවස් කලයේදි වන අතර අලුයම දි එය නිම කරයි.එනම් බුදු රදුන් .මැදියම් රෑ සියලු කෙලෙසන් නසා අලුයම කාලයේ දී උතුම් වු බුද්ධත්වය ලබාගත් බව සංකේතාත්මක කරමින්
සැබැවින් ම කොරෝන වසංගතයක් මාගින්අපට පෙන්වා දෙනුයේ මෙකී සත්‍යම නොවන්නේද?ඇතිවීම-නැතිවීම ලෝක ධර්මතාවය බවයි.මෙවන් වසංගතයක් බුද්ධ කාලයේද ඇතිවූ අතර,විශාලා මහනුවරදී එම රෝග,අමනුශ්ය,දුර්භ්හික්ශ යන තුන් බිය දුරු කිරීම සදහා.බුදුරදුන් විසින් රතන සූත්‍රය දේශනා කරන ලදී.සැබැවින්ම මෙකී බුද්ධ සත්‍ය මෙම වෛරසය මගින් ලොවට පහදා දෙනු නොවනුමානය.දිවා රෑ වෙහෙසී වැඩ කරන,ජනතාව අද නිවසට වී පිං දහම් රැස් කරමින්,ජීවත් වන්නේ මෙම වෛරසය ඉක්මනින් තුරන් වේ යැයි විශ්වාසයෙනි.ඒ අතර තවත් අය සාගින්නෙන් පෙලෙමින් තම අඹු දරුවන්,නෑදෑයන් නොමැතිව,දුක්ඛිත තත්වයකට පත්වී තිබේ.මෙවන් ව්‍යසනකාරි තත්වයන් හමුවේ තම ප්රතිලාභ දියුණු කරගැනීමට,තවත් පිරිසක් ද්‍රව්‍යමය දෑ රැස් කර,විකුණති.
"ආරෝග්‍යා පරමා ලාභා"
බුදුන් දෙසූ වදන,අද වන විට යතාර්තයක් වී ඇති බව මැනවින් විද්‍යාමාන වෙයි.තවත් වසර කල්ප ලක්ශයක් ගියද,මෙකී බුද්ධ වදන් මුසාවක් බවට පත්වන්නේ නැතිබව තරයේම කියා සිටිය යුතුය.මන්දයත් හති වැටුණු සුනඛයින් මෙන් පිම්මට දුවයන මනුශ්‍ය වර්ගයා අද නැවතී බලා සිටින්නේ මෙකී සත්‍ය නිසා නොවේද?
තවදුරටත් එකී ගමන් මග වෙනස් කරනවාද නැද්ද යන්න
තීරණය ලෝකවාසී සියල්ලන් සිතට ගත යුතු වෙයි.නිවසේ සිටින මිනිසා හදුනා ගත් පිරිස් මෙකී කාල වකවානුව තුල නැතුවාම නොවේ.උදෑසම මුහුණ දකින මිනිසාගේ රුව,නැවත දකින්නේ රාත්‍රී භෝජනයේදීය.
එතරම් කාර්යබහුල ලෝකයක,වාසය කරන පුද්ගලයෝ මෙලොවටත් එලොවටත් දෙලොවටම අයහපත සලසා ගනිති.
දිගු කලක් ආයු වලදා සැප සේ සිටීමට උන් වහන්සේ මැලි වූයේ,මෙකී ලෝක සත්‍ය ලොවට පසක් කිරීමටය.සැබවින්ම ලෝකවාසී ජනයා දහමෙහි තව තවත් සැරිසැරීමට කාලය උදා වී ඇති බව මෙවන් වකවානුවකදී ලොවට කියාදෙනු ලබයි.කොරෝනා වෛරසය ඉක්මනින් ලෝකයෙන් තුරන් වේවායි' අප එක සිතින් මෙවන් උතුම් වූ වෙසක් දවසකම සිහිපත් කරමු.
"ආයුරාරෝග්‍ය සම්පත්තී
සබ්බ සම්පත්ති මේවච"
යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාල උතුම් බුද්ධ දේශනාවන්,නැවත සිහිපත් කරමින් ලොවට,සෙත සලසා උතුම් වූ අමාමහ නිර්වාණය ලගාකර සසර ගමන කෙටිකර ගැනීමට,අප වෙහෙසිය යුතු නොවන්නේද වන්නේමය.
එස්.ඒ.පී.එම් සතරසිංහ
රත්නපුර
රටේ පවතින තත්වය සමග වෙසක් අසිරිය
නිර්මාණවාදය, අහේතුවාදය හා බ්‍රාහ්මණ ඉගැන්වීම් කේන්ද්‍ර කොටගෙන අතිශයින්ම සංකීර්ණ වූ එකල සමාජ පසුබිම තුළ ව්යානුකූලව ගිය සුවහසක් ලෝ සත වෙත ධර්මාලෝකය විහිදුවාලමින් මෝහාන්ද කාරය දුරු කරමින් බුදු දහම ලොව පහල විය. එනම් සිද්ධාර්ථ වහන්සේ භාරතයේ කපිලවස්තු නුවර සුදෝවුන් රජුට හා මහාමායා දේවියට දාව මෙලොව එළිය දුටුවේද වෙසක් පොහොය දිනයක ය.
හිමි වූ එහෙත් නිත්‍ය නිවන් ඒ යස ඉසුරින් පිරි රාජ සම්පත්ති ආදී කොටගත් කම් සැප පසෙකලා ලෝකධාතුව තුළ සැගව ගිය ඒ පරම සත්‍ය සොයා අභිනික්මන් කළ අප මහා බෝසතුන් වහන්සේ එතැන් සිට සය වසක් මුළුල්ලේ දුෂ්කරක් ක්රියාවේ නිර්ත වූයේ සිරුරට අධික දුඛයන් පමුණුවනමින්, එනම් අත්තකිලමතානුයෝගයෙහි යෙදෙමින් ය. ඒ ලෝකධාතුව තුළ සැගව ගිය පරම සත්‍යය සෙවීමෙහි අප්‍රතිහත ධෛර්යය උන්වහන්සේ තුළ පැවතිනි.
නමුත් මෙතෙක් කල් ගෙවූ කාමසුඛල්ලිකානූයෝගී දිවිය එනම් අධික කම් සැප විදිමින් ගත කල දිවියත්, අත්තකිලමතානූයෝගි දිවියත් කිසිකලෙක පරම සත්‍යයේ දොරටු විවර නොකරන්නේ යැයි නුවණින් පසක් කර, උන්වහන්සේ අවසානයේ "මධ්‍යම ප්‍රතිපදාව" එනම් උපේක්ෂා සහගත මගක ගමන් කිරීමට තීර්ණය කළහ ''මේ ලොවෙහි පවත්නා වූ ඒ පරම සත්‍යය සොයාගෙන මිස නොනැවතිමි" යන තිර අදිටනන් හමුවේ දසමාරසෙන් පලා ගියේ හිරු දුටු පිණිබිදු සේය. අවසානයේදී "සංසාරය නම් වූ ගෙය සාදන තණ්හාව නම් වු වඩුවාද ගෙහෙයි කැණිමඩලද බිද විනාස කර දැමුවෙමි, නැවත එම ගෙය තැනීමට කිසිවිටෙක කිසිවෙකුටත් ඉඩක් නැත" යන පරිදි සිංහනාදයෙන් උදම් ඇනූ උන්වහන්සේ ලොව්තුරු බුද්ධතවයට පත්වූ සේක. එතැන්සිට තවත් පන්සාළිස් වසක් මහා කරුණා නෙතින් ලො සත හිතසුව පිණිස ධර්මාලෝකය විහිදුවමින් ධර්ම ප්රචාරයේ යෙදුණු උන්වහන්සේ උතුම් වූ නිර්වාණයේ දොරටුව එකලු කරමින් පරිනිවනට වැඩි සේක.
එනම් මුලු මහත් ලෝක වාසී බෞද්ධ ජනයා විසින් අපරිමිත ශ්‍රද්ධාවෙන් හා හද බැතියෙන් සිහිපත් කෙරෙන ඒ උතුම් වු වෛශාඛ්‍ය මංගල්‍යය බුදුරජාණන් වහන්සේගේ තෙමගුල නිමිති කොටගත්තකි. නෙකවිද ආමිස හා ප්‍රතිපත්ති පූජාවලින් එනම් පිළිවෙතින් පෙලගැසෙමින් සමරන ඒ උතුම් වෙසක් පුන් පොහෝදින මෙවරත් උදාවෙයි.වෙන්දාට මුලු මහත් ලක්දිවම වෙසක් සිරියෙන් ඇලලී යන්න විහාරස්තාන කේන්ද්‍ර කොට ගෙන පැවැත්වෙන ප්‍රතිපත්ති පූජා වලින් තවද,අනාදිමත් කාලයක පටන් ශ්ර්මය, කාලය හා සම්පත් ආදිය කැපකොට දන්සැල් පැවැත්වීමත්, වෙසක් කූඩු තොරණ් ආදියෙන් මංමාවත් හැඩ කරමින් ආමිස පූජාවලින් මේ උතුම් වෛශාක්යයමංගල්ය සිරිගැන්වීමටත් අපි අමතක නොකලෙමු. අද වන විට ගෝලීය වසංගතයකින් පීඩා විදින අපගේ මාතෘ භූමියේ ආමිස පූජාවන් හී නිරත වීමෙ ඌනතාවක් දක්නට ලැබුනද වෙසගේ සිරියෙහි යම් අඩුවක් වී තිබේද?එදා මෙන්ම අදත් පරිසරය වඩ වඩවඩාත් චමත්කාරයෙන් ඇලලීගොස් අත්තේ වෙසගේ සිරිය දෙගුණ තෙගුණ කරමින්ය.අන්කවරදාටත් වඩා බුදුදහම අපට පෙන්වා දුන් ඒ අල්පේච්ඡතාව, අනිත්‍යතාව හා හරය දැනෙන අද දවසේ වෙසක් සිරිය අඩු වී නොමත. වෙසගේ නියම අරුත කලඑලි ගැන්වී ඇත.එනම් රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් ආමිස පූජාවන්හී යම් අඩුවක් ඔබටත් මටත් දක්නට ලබුනද,ප්‍රතිපත්ති පූජවේ යෙදීමටත්, බුදුරජානන් වහන්සේ පෙන්වා දුන් උත්තම හරය මනසින් විමසා වටහාගැනීමට උදව් වූ කාලයයි මේ තාක්ෂණය කරණ කොට ගෙන පවත්වන්නාවූ වෙසක් කලාප මගිනුත්, නිවසේ සිට අප සැම සිදුකරන්නාවූ ප්‍රතිපත්ති පූජා මගිනුත් වෙසගේ සිරියෙහි අල්පයකුදු අඩුවකින් තොරව වෙසක් මංගල්‍ය ය බැතියෙන් සිහපත් කළ හැක.
සත්‍ය වශයෙන්ම විමසන කළ බුදුරජාණන් වහන්සේ පෙන්වා ඒ මාර්ගයට අප අවතීර්ණ වී නොමැතිද ? මෙතෙක් කල් සත්ත්ව හිංසනයේ යෙදෙමින්, මාංශ අනුභව කරමින්, සුරාසැල අසල දිගු පෝළිම් වල රැදෙමින් පස්වවෙහි යෙදී සිටි ලෝක සත්ත්වයෝ අද ඒ දුරාචාරයෙන් බැහැර වී පස් පවෙන් තොරවී, දස කුසල පිංකම්වල නිරත වෙති. මෙතෙක් කල් ස්වභාවධර්මය කෙරෙහි අනිසි බලපෑම් පමුණුවනමින් සොබාදම් දිනිතයාගෙ ඒ දායාදයන්ට පටහැනිව, අභිබවා යමින් ආක්‍රමශීලී පිළිවෙත් අනුගමනය කළ ඒ මිනිසාටම ආපහු එ ක්‍රියා දෙස පශ්චාත්පයෙන් හා දොම්නසින් යුතුව හැරී බලන්නේ නැවත එවැනි විනාශයක් පරිසරයට අත්කර නොදීමට දැඩි අදිටනින් ය. එකිනෙකා සිය බැදීම්වලින් තරමක් ඈත්ව යහපිළිවෙතින් සැරසෙමින් අල්පේච්ඡතාවයේ හරය මුදුන්පත් කරමින් මේ ගෙවෙනුයේ බුදු දහමින් අපට කියාදුන් ඒ උතුම් දිවිපිලිවෙතයි.
ලොව පහළ වූ උතුම්ම පරිසරවේදියාණෝ වූ බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන් ඒ පිළිවෙතින් සැරසෙමින්, මෙත් සිතින් අනුස්මරණය කරන වෙස්ගෙහි නියම අරුත රටේ පවතින ව්‍යසනකාරී තත්ත්වය මත වුවද අද පසක් වී ඇති බව නම්, සක්සුදක් සේ පැහැදිලිය. කෙසෙ නමුත් මෙම පීඩාකාරීත්වයෙන් ව්යාදීව සිටින සියලුම අපේම සොහොයුරු, සොහොයුරියන්ට, අපිරිමිත වෙහෙසින් අප සැමගේ සුවය වෙනුවෙන් කැපවෙන සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා අනෙකුත් සියලු අංශවලට අපගේ විරුවන්ටත් මුලුමහත් ලෝක සත්ත්වයාටත් සෙත් පැතීමටත්, රටට දැයට තෙරුවන් ආශිර්වාදය පැතීමට මේ වෙසක් මංගල්‍ය අපි සියලු දෙනා උතුම් අවස්ථාවක් කරගනිමු !
පවනි බණ්ඩාරනායක
වයස - 17
අනුලා විද්‍යාලය, නුගේගොඩ
හංවැල්ලේ
වට බැඳුණු වෙසඟ
දේශ සීමා ගොළු වුණා
රෝ බියෙන් ඇලලී ගියා
දියත මත සෑම තැන්හිම
දුක් අඳෝනා පා වුණා.....
ස්නේහයේ අත් ගුලි වුණා
වදන් ගඟුලැල් ඇහිරුණා
අහෝ! හිමියනි දියත සැම තැන
රකැස් යක් බිය සේ වුණා.....
අධර්මය නිති වැජඹුණා
ඔබ දෙසූ මඟ වැළළුණා
සොබා දම් මව අපට යහමඟ
කියන්නට උත්සුක වුණා.....
උතුම් දම් කඳ සිහි කරන්
ඔබ දෙසූ යහමඟ යමින්
දිවියෙ ගුණ දම් සරු කරන්
ඔබ පුදන්නෙමි සන්තොසින්.....
අනේ! හිමියනි බැතියෙනි
ඔබේ ගුණ ගී වැයුමෙහි
පිළිවෙතින් ගුණ පිරුමෙහි
ඔබ පුදන්නෙමු සතොසිනි.....
භාෂිත ශ්‍රීනායක
වයස - 19
ආනන්ද විද්‍යාලය
හෝමාගම