wfma fjila rpkd
සැබෑ වෙසඟෙහි අරුත
දිලෙයි පුර සඳ වෙසඟ
අඳුරු තිර පටල බිඳ
තැවෙයි මනු හද නිබඳ
අමාවක අඹර ලෙද
විදුලි එළි තොරණ් මැද
අරුම රස සැණකෙළිය
විසිතුරෙහි මත විඳින
මිනිස් කැළ පිරි මඟය
නිවන් පුර දොරටු වෙත
දිවෙන රස දහම් මඟ
පාළු හුදෙකලාවකි
කෙළෙස් පවුරෙන් වැසුණ
සුගත ශ්‍රී ශාක්‍ය මුණි
උතුම් තෙමඟුල් දිනය
නොකැර රසගුලාවක්
කෙළෙස් මළ උපදවන
පුරා පිළිවෙත් සොඳින
බුදුන් දෙසු දහම් මඟ
යෙදෙව් මතුවන ලෙසට
සැබෑ වෙසඟෙහි අරුත
K.M. කහපිටිය
වයස - 19
නෑබඩ
දෑ වසරක සැමරුම් නැත.
එනමුදු සිත සුපහන් වන
හද පොපියන හැඟුමක් වී
වෙසක් සුවඳ දසත හමයි
ආමිසයට නැත අවසර
සොබදම පෙන්වයි අනතුර
දස අත ලෙඩ දුක් කරදර
මුදවනු සමිඳුනි ලකඹර
ලොව දියුණට පත් වුනාලු
මනුසිත් තෙත නැති වුනාලු
මිනිසත්කම එක් කළ හැකි
පාලමක් ද covid
බුදු හිමියනි දෙසනු මැනවි
මෙයද සපථ කළේ වෙසඟ
ඔබ දහමද සොබා දහම
අවැසි අතවැසි
කුමක්දෝ නොදත්
අඳුරෙහි ගිලී අතපත ගෑ
අපේ ජීවිත
නිසි මඟට ගමු
ඉතින් අපි අරඹමු
අලුත් ගමනක්........
විකුම් කල්දේරා
වයස - 17
ආනන්ද විද්‍යාලය
හෝමාගම
රටේ පවතින තත්වය සමග වෙසක් අසිරිය
මැයි මස මැයි මල් වලින් බර වෙන්නා වූ මේ පිවිතුරු වෙසඟේ බෞද්ධයන් වන අප සියල්ලෝටම මහත් සේ වටිනා ආගමික මෙන්ම සංස්කෘතික පොහොය දිනයක් ලෙස වෙසක් පොහොය හැඳින්විය හැකිය. අප ගෞතම බුදුහිමියන්ගේ උතුම් වූ තෙමඟුල එනම් ඉපදීම,බුදුවීම හා පිරිනිවන් පෑම සිහිපත් කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වන්නා වූ දිනයක් ලෙස වෙසක් පොහොය හැඳින්විය හැකිය.
මඟ දෙපස විසිතුරු තොරණින් මෙන්ම ළමා ළපටින්ගේ පිවිතුරු අදහස් එක් කොට සදනා වෙසක් කූඩු වලින් ද අලංකාර වන්නා වූ මේ ලතඹර එදිනට මනරම්ය. රජය විසින් වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරෙනුයේ රටේ සියලු ම අයවලුන් සඳහා ආගමික වශයෙන් පිංකම් කිරීම සඳහා ඉඩ පහස ලබා දෙමිනි.සියලු වැඩ ස්ථාන,කාර්යාල මෙන්ම පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා වූ සියලු දෙනා මෙම කර්තව්‍යට සම්මාදම් වනුයේ බැති සිත් පෙරටු කරගෙනය.සියලු ම පාසල් වල වුවද ආගම් භේද ජාති භේදයකින් තොරව මේ සඳහා එක් වන්නා වූ දරු කැළ ධර්ම දේශනා,දානමය පිංකම්,සිල් සමාදම් වීමේ පිංකම් ආදිය පවත්වයි.එනමුත් අද රටේ පවතින තත්වය සමඟ වෙසක් අසිරිය සැමරීම බෞද්ධයන් වශයෙන් මෙන්ම ලාංකීය පුරවැසියන් ලෙස තම නිවසේ සිටම සැමරීය හැකි ය.ඇති පමණින් දන්සල්,සිල් සමාදන් ආදිය පවත්වන්නා වූ එදිනට දහවල සූර්යයාවද විදා මේ පොළෝ තලය බබළයි.
එනමුත් එවැනි දිනයක් මෙවර අප කාටවත් අත්විඳිය නොහැකිය.මන්දයත් වත්මන් සමාජ තත්වය එයට බාධා පමුණුවා ඇත. කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය මිනිසුන් දහස් ගණනින් බිලි ගනිමින් සිටින මේ මොහොතේ සමස්ත ලෝකයටම එක හා සමාන ලෙස බළපාන්නා වු මෙය තුන්වෙනි ලෝක යුද්ධයකට වඩා බරපතලය.මිනිසාගෙන් මිනිසාට,සත්ත්වයාගෙන් සත්ත්වයාට පැතිරී යන මෙම වෛරසය යුද්ධයකට වඩා දස ගුණයකින් බිහිසුණුය.මෙම වෛරසය අප රටේ ද පැතිරෙන මේ මොහොතේ යුද්ධයකට පෙර සූදානමක් සේ අප සමාජ දුරස්ථකරණය ආදී ක්‍රියා අනුගමනය කරමින් නිවසට වී සිටිනුයේ මාස කිහිපයක පටන් ය.
අප සුරැකීමට දිවා රෑ නොබලා වෙහෙසුනු වෙහෙසෙන ඒ ශ්‍රේෂ්ඨ නරවිරුවෝ අවදානම නොසලකා රට වෙනුවෙනි,අප වෙනුවෙනි. සිංහල දෙමළ අලුත් අවුරුදු දින පවා කැප කරමින් කටයුතු කරන්නා වූ ඔවුන් සැබෑ මිහිපිට දෙවිවරුය.
මේ මාර රකුසා හමුවේ සියල්ලෝම පෙළ ගැසී සිටින මෙවන් වූ මොහොතක වෙසක් උත්සව අසිරිය නිවසට සීමා වී ඇත.විසිතුරු තොරණින්,වෙසක් කූඩුවෙන් අලංකාර නොවුන ද අපේ සුභ සිද්ධිය හා රටේ සුභ සිද්ධිය පතා අවට සිටින වුන්ගේ සුභසිද්ධිය පතා මෙම වෙසක් උත්සවය අප නිවසේ සිට සමරන්නේද වෙනදාට පන්සලේ බණ මඩුවේ සිල් සමාදන් වන්නා වූ අප අද නිවසෙහිය.මෙලෙස සියල්ල සිදුවන්නා වූ අද කළු වළාවේ රිදී රේඛාවන් ද නෙත් කොනකින් හෝ මාහට දැකගත් හැකිය.
එනම් අප සැම දකිනුයේ පවුලේ වෙසඟකි.දෙමාපියන්ගෙන් මඟ හැරුණු ළමා ළපටි අද මවුපියන් සමඟය.ආච්චි,සීයා සමඟ එක් වී අද අප සැම සිල් සමාදම් වනුයේ එකමුතුවයි. මඟහැරුණු දෑ දෙස හැරී බැලීමට සොබාදහම ලබා දුන් අගනා අවස්ථාවකි.වෙනදාට වෙසක් දින රෑ බෝවන විට දන්සල් හා වෙසක් පහන් තොරණ දැල්වුණා හා සමානව නළා පිබිමින් මත්වතුර පානය කරමින් වාහන් වලින් යන්නා වු පිරිස් අද නැත. සියල්ලෝ නිවසේ වෙසක් අසිරිය සඳහා සූදානම් වන්නේ ය.
මෙලෙස ගත්කළ ඉක්මන් වසංගත දුරුවීමන් මෙන් අමතක වී තමාගේ යුතුකම් හා වගකීම් ඉටු කරනා යහපත් වෙසක් උත්සව දිනයක් අපි සැමටම දැකගත හැකි වේවායි හද පත්ලෙන්ම පතමු.
අංජුලා ඒකනායක
වයස - 17
ස්වර්ණමාලි බාලික විද්‍යාලය
මහනුවර
නිවන
මේ සසර දුක් ගමන
නිමාවන එකම තැන
නිර්වාන මෝක්ෂය
අප ලබා ගනු පිණිස
බුදු සමිදු වැඩිය මග
අත්හල ඒ තණ්හා
රාගාදි ක්ලේශා
දුරු කරනු මන සැවොම
අරි අටඟ මඟ යමින
මැඳුම් පිළිවෙතේ හිඳින
සසර නම් සමුදුරේ
භවය නම් දූපතේ
ක්ලේශ නම්
සැඩ සුළං පරදවා
කුසල් නම්
නෞකාව ජය ගමින්
නිවන නම් ගොඩබිමට
පා තබමු බොදු මේ අප
රාජ් අබේසුන්දර
වයස - 55
මොරටුව
වෙසඟ අසිරිය
මුළු ලොව ම සනසාලන
ලොව්තුරු අමා දම් ගඟ
ගලනා උතුම් වෙසඟ දින
ප්‍රීතිව සමරන බොදු හද
ප්‍රතිපත්ති පූජාවට මුල්තැන
තෙමගුලෙ සැබෑ අරුත් දෙන
සමරමු මේ වෙසඟ අසිරිය
පෙරදැරිව මෙත් කරුණා සිත
පහන් කූඩු රාජයාගේ රුසිර
ආලෝකයෙන් හැඩ තොරණ
සීල සමාදාන, දන්සල් හිස්ව
නිවසට වී සමරන සමගිය
රජනි පියරත්න
වයස - 18
විශාඛා විද්‍යාලය
වර්තමාන තත්වය හමුවේ වෙසක් උත්සවය.
මවිබිම මගේ වැළඳී ඇත කොරෝනා
ලෝ සැම දෙනා දණ නමනවා කොරෝනා
ලඟ දුක් විඳිති නෑ සිය සැම කොරෝනා
සැම එකමුතුව ජය ගමු අපි කොරෝනා
රජයද ත්‍රිවිධ විරැ වෙදැදුරැ කොරෝනා
වසගෙට නොගෙන මැඩලයි විෂ කොරෝනා
නැසුමට එකට එක සිත් බැඳ කොරෝනා
වෙන්වී ඉඳිමු මියැදෙන තුරැ කොරෝනා
ලෝ සත වෙතට හිමි පුද කළ ගුණ කන්ද
අනියත දුකද නොතිරය පංචකන්ද
අටලෝදහම කැරකෙනවා දුක මන්ද
චතු අරි සච්ඡ දැනගෙන ජීවත් වෙමුද
අජකරණීය රමණීයයි පරිසරය
කඳු හෙල් දිය ඇලි ද ගංඟා විසිතුරැය
තෙමඟුල සිදු වුනේ රැක් මුල නෙත්කළුය
වත්මන දනා පරිසරයේ සතුරන්ය
මල් ඵල දරා මුකුලිත වී පරිසරය
විෂ දුම් කැලි කසළ නැත හරි මනහරය
හැසිරෙන දනා දහමෙහි එය පැණිරසය
මිහිකත සියළු සංඛත සැම හට මවය
හේතුව නිසා හටගත් සැම කර්ම වෙතී
ප්රථිසංධියයි කර්මයෙ ඵල අරැත වෙතී
ඵලයෙහි විපාකය නැවතත් කර්ම වෙතී
සත්වයා මොහුයි හිමි දෙසු දම් අරැතවෙතී
නිරතුරැ බවින් යුතු වෙයි සත්වයා රෝග
පුරුකකි කොරෝනා පරපුර නෙක රෝග
අනියත තිස් දෙකින් යුතු බැඳි බව භෝග
අනුභව කරති ෂඪ ආයතනයෙහි ලැග
සිත කය වචනයෙහි නිසි පාලනයකට
මුල් විය කොරෝනා වැට බැඳි ලෝ සතට
තුන් සිත දමනයෙහි අනුසස් පැත්තකට
විසිකළ දනා අද තෙරැවන් අභිමුවට
තුන්බිය විශාලා නුවරින් පැන නැංගා
සෙවනැලි මවාලා එදවස දුක් ගංඟා
මෙදවස කොරෝනා රෝගය ජන ගංඟා
බිලිගති සතුට සමගිය කඳුලැලි නංඟා
යුතුකම් ඉටු කරමු සැම සුවපත් වෙන්න
මැද පිළිවෙතට පිවිසෙමු සමබර වෙන්න
ලෝ පාලක දහම රජයෙහි පිහිටන්න
දස රජ දහම සක්විතිවත් අරඹන්න
නෙක රෑ රටා සැරසිලි නැත කූඩු තොරණ්
තරඟෙට කියන බණ සැණකෙළි විදුලි පහන්
වෙනුවට සාර සිතුවිලි ගත සිතෙහි දරන්
ශ්‍රද්ධා ශීලයෙන් ඔපවෙමු නිවසෙ ඉඳන්
මුහුදට වැටෙන සිව් මහ ගංඟා ලෙසට
සැම ජන වෙතට මෘදු මෙත් සිත පුද දෙන්ට
මෙත් කරැණා ගුණෙන් අකුසල් දුරලන්ට
රෝගය කොරෝනා හැකි වෙයි මැඩලන්ට
තෙමඟුල අර්ථයෙන් නුවණින් පිළිගනිමු
නිවනෙහි අමා දම් ගඟ තරණය කරමු
හේතුව නැති කරන මුල උදුරා දමමු
සසරෙහි තුන් බියද තුන්සිත සිඳ දමමු
යාන් රැෂත
වයස - 43
කුරැණෑගල
පුරා සඳ නැගුනා
පුරා සඳ නැගුනා -
නුරා හදවත ශෝකයෙන් බිඳුනා -
ජරා දුක් නිවුනා -
පිරූ ආලය එසැනින් ම සිඳුණා...
හදෙහි ගැඹුරෙහි සෑම කොනක ම -
මසෙහි ඇටයෙහි රුහිර බිඳක ම -
යදම් බැඳ සිර කරන ලද රහසේ -
සුරැකි ප්‍රේමය කියා ගන්නෙද අදින් පසු කෙලසේ...
බවෙන් බවයේ ලැබුණ උරුමය -
සොඳුරු කර විඳි මහා අරුමය -
"බුදු වනුව" යැයි දන් ව ගිය නොලසේ -
පාද පරි-චාරිකා කාලය නිම වුනෙය මෙලසේ...
නිරෝධ සම්පත් සඳරුවන්
වයස - 21
කලුබෝවිල
අද රටේ තත්වය සමඟ වෙසක් සැමරුම
පසුගිය දෙදහස් දහනවය වසරේ අවසාන භාගයේ දී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ COVID-19 වෛරසය මේවන විට ලොව පුරා සීඝ්රයෙන් පැතිර යමින් පවතියි.ලොව ආර්ථික බලවතුන් වන චීනය , ජපානය වැනි රටවල් ද මෙම ගෝලිය වසංගත තත්වය හමුවේ පරාජයට පත්වී ඇත.එමෙන්ම ලොව අංක එකේ බලවතා ලෙස උදම් ඇනූ ඇමරිකාව කොරෝනා වසංගතය හමුවේ ලබා ඇත්තේ අන්ත පරාජයකි. ලෝකයේ ජනගහනයෙන් ලක්ෂ විසිපහකට අධික සංඛ්‍යාවක් මෙම කොරෝනා වෛරසයට ගොදුරුව ඇත. එමෙන්ම එයින් ජීවිත අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ තුනකට අධිකය. ඇමරිකාවේ පමණක් දිනකට මිය යන ගණන දහසකට ආසන්නය.
පෘථිවියේ පමණක් නොව මුළු සෞරග්‍රහ මණ්ඩලයේම තොරතුරු සොයාගනිමින්,රොකට්වලින් ගොස් අභ්‍යවකාශය ජයගත් , මිසයිල යවමින් ලොවම බිය ගැන්වූ , සෞඛ්‍ය පහසුකම් සිතා ගැනීමට නොහැකි තරම් අපමණ වූ ලොව බලවතුන් දිනෙන් දින සීඝ්රයෙන් පැතිර යන මෙම වසංගතය හමුවේ බලා සිටින්නේ කරකියා ගත හැකි දෙයක් නොමැතිවය.
මෙවැනි තත්වයක අප රට තුලට ද මෙම මාරාන්තික කොරෝනා වෛරසය ඇතුල් වී ඇත.එහෙත් ලොව පුරා වෛරසය පැතිර යත්ම ඊට මුහුණදීමට අවශ්‍ය පරිදි අප රට පෙර සූදානමක් ඇතිව සිටීම අප ලද විශාල ජයග්‍රහණයකි. ඒ වෙනුවෙන් දිවා රෑ නොමැතිව ඇප කැපවී සිටින සුව විරුවන්ද, රණවිරුවන් ද, අනෙකුත් නිලධාරීන් ද කරනු ලබන සේවය අති විශාලය. සෞඛ්‍ය පහසුකම් අඩු වුවද අප කුඩා දිවයින කොවිඩ් 19ට හිස එසවීමට නොදී පාලනය කිරීම පිළිබඳ ලොව බලවතුන්ට ඇත්තේ මහත් විමතියකි.
තත්ත්වය මෙසේ පවතින කාලයක් තුළ බෞද්ධයන් වශයෙන් අප මහත් අභිමානයෙන් සමරනු ලබන අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම හා පරිනිර්වාණය සිහිපත් කරනු ලබන මහා වෙසක් මංගල්‍යය මෙම මස 7 හා 8 දිනයන්හි යෙදී ඇත.
අතීත රජ දවස සිටම මෙම මහා මංගල්‍යය ප්‍රතිපත්ති පූජාවන් මෙන්ම ආමිස පූජාවන්ට ද මුල්තැන දෙමින් සැමරූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. අප කුඩා කල සිටම එදිනට බෞද්ධ ආගමික වතාවත් වල යෙදෙන අතරම මහා වෙසක් තොරණ්, වෙසක් පහන් කූඩු, බැති ගී සංදර්ශන , දන්සැල් දීම ආදි විවිධ ආමිස පූජවන්හි යෙදුණේ සිතෙහි ඇති අපමණ වූ බුද්ධාලම්භන ප්‍රීතිය නිසාවෙනි.
කෙසේ වුව ද අපට අද පවතින තත්වය හමුවේ ක්‍රියා කිරීමට සිදුව ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් වලට අනුවය. මෙම වසංගතය මැඩලීමට එය අත්‍යවශ්‍ය කරුණක් බව අප සිහි තබා ගත යුතුයි.ඒ අනුව වැදගත් වන්නේ සමාජ දුරස්ථභාවයයි. එසේ නම් අප වෙසක් මංගල්‍යය වෙනුවෙන්වත් එක් රැස් වීම නොකළ යුතුමය.
තත්වය එසේ වුවද අප covid-19 ට හිස නවා අප තථාගතයාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් සමරනු ලබන මහා වෙසක් මංගල්‍යය අඳුරේ ගත කළ යුතු නැත. අපට සෞඛ්‍ය උපදෙස් වලට අනුකූල වෙමින් එය මහත් ඉහලින් සැමරිය හැකිය.ඒ සඳහා අප මහා සංඝරත්නය ද ඇප කැප වී සිටියි.
එසේ නම් අප මෙම වෙසක් උත්සවය සැමරිය යුත්තේ කෙසේද ?අපට නිවෙස්වල සිටම මල් , පහන් පූජා කර ආගමික වතාවතවල යෙදිය හැකිය.
අප මහා සංඝරත්නය එදිනට දවස පුරා දේශනා කරනු ලබන ධර්මය නිවසේ සිටම රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් ශ්‍රවණය කළ හැක. මස් මාංශවලින් වැළකී සිටිය හැක. මෙලෙස ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් කටයුතු කරන අතරම ආමිස පූජාවන්ටද නිවසේ සිටම එක් විය හැකිය. ඒ සඳහා නිවසේ සිටම වෙසක් කූඩු සෑදීම , විදුලි බුබුළුවලින් නිවස ආලෝකමත් කිරීම , බෞද්ධ කොඩි වැල් වලින් නිවස අලංකාර කිරීම ආදී දේ කිරීමට කිසිඳු බධාව නැත. තවද වෙනත් වසරවල තැපෑලෙන් වෙසක් සුබ පැතුම් යවනු වෙනුවට e-mail, whatsapp , viber ආදී දියුණු තාක්ෂණික ක්‍රම උපකාරයෙන් නෑදෑ හිත මිතුරු ආදීන්ට වෙසක් සුබ පැතුම් යැවිය හැක.
මෙලෙස ආමිස - ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙන අතරම සෑම බෞද්ධ නිවසකම වෙසක් දින රාත්‍රියේ එකම වෙලාවකට පහනක් දල්වා අඳුර පලවා හරිමු. මෙම මහා පහන් ආලෝක පූජාවේ බලයෙන් මෙම වසංගත තත්වය මැඩලීමට දිවා රෑ නොබලා වෙහෙසෙන ලොව පුරා සිටින සුව විරුවන්ටත් , රණ විරුවන්ටත් , අනෙකුත් නිලධාරීන්ටත් , මෙයින් පීඩාවට පත් ලක්වැසියන්ටත් සියලුම ලෝකවාසින්ටත් නිරෝගි සුවය පතමු.බෞද්ධ අප හදවත්තුළ පවතින අවිහිංසාවාදය ලොවටම කියා පාමු.එදිනට අප කරනු ලබන සියලු පුණ්‍ය කටයුතුවල මහා පින් බලයෙන් "මෙම මාරාන්තික covid-19 වෛරසය ලෝකයෙන්ම තුරන් වේවා! " යන්න මේ වසරේ අප සියලුදෙනාගේම ප්‍රාර්ථනයයි.
රමික සේනානායක
වයස - 15
ආනන්ද විද්‍යාලය
දෙහිවල
ලොවේ මිනිසුන්ගෙ තෘෂ්ණා දුරු කර
මෝහාන්ධකාරයෙන් මිදී වදාරා
තණ්හා අඳුරේ ගැළවුම්කරු වු
අනිත්‍ය දහමේ නිමවුම් කරුවානන්ගේ
තෙමගුල සිදුවු මේ වෙසඟේ
ලොවට පසක් කළ අනිත්‍ය දහමයි
රජ මැදුරේ දුගී පැල්පතේ
සෑම දෙනාටම එක විලසින්
උස් මිටි කම් භේද දුරැළලා
කොරෝනාවත් වැළදී ඇත්තේ
එඳා සමිදුන් තුන් බිය දුරු කළ ලෙසින්
කුළ මල ආගම් භේද පසෙකලා
රජ මැදුරේ සිට දුගී පැල්පතේ
එකම අයුරින් අද වෙදැදුරුවරු
රෝග සුවය වෙත යොමු වී ඇත්තේ
කවීෂා නිර්මාණි
වයස - 19
අම්පාරේ
දින සති මාස ගෙවී
වේසඟක් එන්නේ පුන් සඳ හිනැහී
දහසක් තරු කැට කඩා වැටෙවී
වේසඟේ අසිරිය ලොවට බෙදන්නේ
මෙත් මල් සුවදින් ලොවම සුවද වී
සියපත් මත රැදි මුතු දිදුලාවී
දහසක් දෙවිවරු සාදු නාද දී
සිල් සුවදින් ලොව නහවන්නේ
බුදු රඳුගේ ගුණ සැමහට සිහි වී
මුළු මිහිතලයම පිබිදෙවී
සම්බුදු හිමි දෙසු සදහම් සිසිලෙන්
මුළු ලෝ තලයම සුව වෙන්නේ
මහේෂා දිල්රුක්ෂි
වයස - 19
කොටිකාවත්ත
නොහැකිය සමරන්නට
සමිඳුනි ඔබව
දරුණු ව්‍යසනයකි
වෙලාගත් මුළු ලොවම
තක්සලාව පාළු වී
සුසුම්ලයි සිසු කැළක්
නිවසින් ඇසෙන්නෙත්
රතන සුතුරේ
හඬ පමණයි
සියලු ලෝ වැසියන්
බියෙන් ඇලලී සිටියි
ලබන වසරෙවන් අපි
සමරමු ඔබ බැතියෙන්
සියලු ලෝ සතුන්
සුවපත් වන්නට
දල්වමු මෙත් සිතින් පහනක්
අමායා නෙත්මිණි
වයස - 18
පානදුර
දෑ වසරක සැමරුම් නැත
එනමුදු සිත සුපහන් වන
හද පොපියන හැගුමක් වී
වෙසක් සුවද දසත හමයි
ආමිසයට නැත අවසර
සොබාදම පෙන්වයි අනතුර
දස අත ලෙඩ දුක් කරදර
මුදවනු සමිදුනි ලකඹර
ලොව දියුණට පත් වුනාලූ
මනුසිත් නෙත නැති වුනාලු
මිනිසත්කම එක් කල හැකි
පාලමක්ද COVID නුඹ
බුදු හිමියනි දෙසනු මැනවි
මෙයද සපත කලේ වෙසග
ඔබ දහමද ? සොබා දහම
අවැසි අනවැසි
කුමක් දො නොදත්
අදුරේ ගිලී අතපත ගෑ
අපේ ජීවිත
නිසි මගට ගමූ
ඉදින් අරඹමු
අළුත් ගමනක්....
විකුම් කල්දේරා
( ආනන්ද විද්‍යලයීය බෞද්ධ සංගමය )