wfma fjila rpkd
සියලු සතුන් දුක මතම රැදි
ගමනක යන්නෙ අප මුලාවෙන් වෙලි
අවබෝධෙන් දෙසු දම් පොත්ගුලේ වැසි
සැපත සොයයි මිනිසා මිරිගුවේ වෙලි
කල්ප ගනන් සසරේ දුකම දරා
ලෝ සත්වයන් මුදවන මඟ තනිව සොයා
මංපෙත් විවර කර බව දුකින් මුදා
මිනිසුනි කළේ ඇයි ධර්මයට නිගා
සියලු සතුන් දුක මතම රැදි..........
මානෙන් බැඳි තෙමඟුල අපේ කියා
පැටලී නිකායෙන් ධර්මය වෙනස් කළා
සඳ එළියෙන් තරු එළියෙන් නිවන සොයා
නිවන් ලැබේවිද ධර්මය පොත්ගුලේ බහා
සියලු සතුන් දුක මතම රැදි.........
කුලාන් හංසන
වයස - 16
කඩවත
රටේ පවතින තත්වය සමග වෙසක් අසිරිය
හමන බෝපත් සිසිල් මද නළ
ගතේ දැවටී අමා මග ගිය
තොරන් සැණකෙළි නැතිව නිසසල
පාළුවෙන් හිනැහේය නගරය
පෙර වසරෙදිත් විඳිනු බැරි වූ
නිමල වෙසඟේ අනඳ අසිරිය
ලොවේ සැමටම මාරයා වූ
කොරෝනාවට පූජාම විය
පොහෝ දින නිරුවතින් ඇඹරෙන
වතුසුද්ද ගස වසාගෙන ගත
මලින් සරසා ගෙන ඇගේ වත
දුකින් වැළපෙයි නොසිතු විලසින
දන්සලේ බත් කුස පිරෙන්නට
රස විදපු හැටි සිහි නැගෙන විට
දෙවියනේ මේ කොරෝනාව ට
හෙණ වැදේවා සිතෙයි මේ මට
අනද වෙහෙරේ බුදුන් දැකලා
මල් පුදන්නට නොහැකි වූවත්
නිවසේම ප්‍රතිපත්ති වඩලා
පින් වඩමු හිත සසල වුවත්
වෙසක් කුස මේඝයන් හනිකට
වෙසක් සුළගේ සද වඩින්නට
දෙපසකට වී හිස පාත් කොට
සතුට ගෙන දෙයි පාළු අහසට
ඉරටුවෙන් තැනු වෙසක් කූඩුව
සව් කොළෙන් ගෙත්තම් කරන්නට
පාට සව් කොළ අපට නැති බව
ඇඳිරි නීතිය දනී තරමට
ඇඳිරියේ ඝන අඳුර දුරලා
වෙසක් පහනක් හිතේ දල්වා
බුදුන්ගේ ශ්‍රී පාද වැඳලා
නිදුක පතනෙමි පඬුරු කරවා
අමා දම් රස දසත පැතිරෙන
බැති ගායනා හදේ ගුලි කොට
පන්දාහෙ පෝළිමේ ලතැවෙන
තාත්තා සඳ සාවෙකිය මට
වෙසක් දිනයේ සොබා කැන්දන
කොඩි වැලෙන් සැරසූ අපේ මව
මහන මැසිමේ හිස තබා ගෙන
මුඛ වැසුම් නිමවයි නිසසලව
වෙසග එනතුරු මග බලා උන්
නංගිගේ නෙත කදුලු දුටු විට
පන්හිදෙන් පද ගොත ගොතා උන්
ශ්‍රද්ධා ශීලයෙන් ඔප වෙමු නිවසෙ ඉඳන්
මුහුදට වැටෙන සිව් මහ ගංඟා ලෙසට
ප්‍රාණවත් වූ පෑන් තුඩ අද
මොනවදෝ ඉගියක් කියාගෙන
මදෙස බලමින් සිනාසෙනවද?
වෙසක් පමණක් නොවේ අප හට
අවුරුද්ද නැති වූ මේ යාමය
දුකක් දුන්නද අපේ සිත් හට
මේ කොරෝනාගේ සතුටු කාලය
සත් පියුම් පිරි මේ වෙසක් දින
සතුට පුරවා හලි විදින්නට
මතකයන් සිත පාරවාගෙන
රැගෙන යයි මා පෙර අතීතෙට
නිවසටම වී වෙසක් සමරන
මතක දහසක් අපට ගෙන දෙන
අලුත් වෙසගක් අපට දුන්නට
තුති පුදමි මම කොරෝනාව ට
කොරෝනා වෙන් තුරන් ලොවකට
රටක් හැටියට පිය මනින්නට
වෙසක් සමරා නිවස තුළ සිට
දෑත් දෙමු නව ලොව තනන්නට
අනද මවුගේ තුරුල්ලට වී
වෙසඟ සමරන්නට බලා සිටි
අනද අපගේ පැතුම් පාවී
මා තලේ නෙක රැඟුම් පාවී
එකී පැතුමන් එකට එක්වී
මහා බලයක් ලොව ජනිත වී
ඇසට නොපෙනෙන දෝෂ දුරු වී
කොරෝනා නැති හෙටක් බිහි වේවා
නලිඳු නිමන්ත
වයස - 18
ආනන්ද විද්‍යාලය
ගණේමුල්ල
වලා ලෙල දෙන සුරඟග
සඳ කිරණෙන් සැනහෙන
තඹුරු සිත පිට නැගුණු සිරිපා
පවන ද මිහිරිය වන් බිඟු සර
කරවා සිහනද තුන්ලොව එකළුව
තෙමඟුල් සිරිය විදුමට ඉඩ හැර
පතුරා බුදු ඇස ගලවා තුන් බිය
මරසෙන් පරදා-බුදුරැස් විහිදා
ලොවසත් නිවනා-මහතෙර හින්දා
සුරපුර බැසගත්-දෙව් සාධු කිව්වා
රෝ බිය හින්දා සාධු නද බිදිලා
සිල් සුවඳ බිඳලා සිත් ගිනි නැගිලා
අතිනවි ගිලුවා සෙබල පුතු රන්දා
තෙමඟුල් සිරි නිවස් තුලම සිදුවා
තිලිනි ආරච්චි
වයස - 17
මහරගම
ඉස ගිනි ගත්තෙකු එ ගිනි නිවන ලෙස
කුසලට මඳකුත් පමා නොවනු මිස
මෙසසර අත් හැර නොයන මෙදුක් රැස
වෙසසින් නැත අත් හරිනා උවදෙස
දිනෙත් මැණික්පුර
වයස - 21
මහරගම
වෙසක් සදෙහී සිසිල් සුවයෙන්
සියලු ලෝ දන සිත් නිවේවා..
හිමිදෙසූ බණ දහම් සිසිලෙන්
දසත රෝබිය තුරන ් වේවා..
නිවා සනහන සැම දනන් සිත්
දම් අමා සුවයෙහි ගැලේවා..
දහම් මියුගුණ අමා බලයෙන්
සැමට සුභ වෙසගක්ම වේවා...!
විහඟ රාජසේකර
වයස - 19
ආනන්ද විද්‍යාලය
කිරිබත්ගොඩ
All Anandians & All Anandabalikavians !
I am happy to announce that Ananda Balika MV in Colombo is my beloved Mother School where I learnt my A, B & C...
It was my Second Home .
I am proud to highlighted , that I obtained a great opportunity of writing on this Web page belongs to Ananda College in Colombo as well as on this memorable day is called THE VESAK FULL MOON POYA DAY ! .. which is nominated as an * INTERNATIONAL HOLIDAY * by the UNESCO.
With my limited knowledge, within this Buddhist practice worshipping, chanting ... NAM MYO HO RENGE KYO ... the most powerful Stanza in this whole Universe abandoned by People and gone against The Good Life Style of Living !
Killing Animals , cutting Trees, taking Alcohols and become wholly devoted to Evils.?
As a result of those incidents , all the Guardians Deities "SATHARA WARAM DEVAS " ( Datharastra , Viruuda , Viruupaksha and Vaishramana ) have abandoned our country Sri Lanka as well as the other countries at the mean time. Sages have left the whole world not to return.
Seizing this opportunity , Devil's and Demons rushed in while bringing Disasters and Calamities .... Specially CORONA PANDEMIC.
Tsunami, Earthquakes , Tonados and Storms ; obviously occurred by the Mother Nature as she got very angry with what they have done unlimitedly and she wanted to wipe off those forever ! So this is most fearful and time to speak out.
Buddhism is generally considered to be a Philosophy found by SHAKYAMUNI BUDDHA in the foothills of the Himalayan Mountains , South Central of Nepal.
Shakyamuni's given name was "SIDDHARTHA GUATHAMA". He was born a Prince in the Shakya Clan, and raised with many of the advantages of Royal life ; including a stately Palace and a sound Education. He was also considered to be deeply concerned about the Human condition.
Eventually, due to this Prince Siddhartha's concern for Humanity and most certainly the influence of Brahmanism , he came to the conclusion that the primary suffering shared by all People was the perpetual cycle of Birth , Aging , Sickness and Death. Compelled by this awareness , he left his father's Kingdom forever in pursuit of a way to overcome these for Universal sufferings....
" Devadatta " was the foremost of good influence to SHAKYAMUNI BUDDHA.
When you look at your own present situation you may realize that he isn't your friend.... But he's your formidable enemy who will help you grow.
At the same time , you will gain a strong life force to lead a happy life !
Then based on the powerful life force you may achieve through the Buddhism , you carry out planting the SEED of Buddhahood !
Once you plant daily watering is very very essential.
This is the real purpose of this Guide Line on this VESAK FULL MOON POYA DAY !!!!!
I have been worshipping and chanting the LOTUS SUTHRA since 24 years now and which made me to understand WHO AM I TO MYSELF ???
Yet to go ...
Initially, I have begun to come to know ....
Why did I born on to this Blue Planet ?
What is the Mission of mine ?
What sort of good and bad things have I ever done in my many many previous births ?
Until I practiced this Doctrine , I did not know those things were well planned by the Universal power only according to the Karmic Bond .
It could be your Profession , your Education and your Beauty or what so ever .
Those who embrace Buddhism practically , definitely you will be accumulated the Greatest Fortune !!!
If one's faith in the LOTUS SUTHRA is firm and strong . Great hardships and obstacles will be disappeared as a beginner of being within the frame of Buddhism.
I am well witnessed to myself now.
Buddha and the Buddhism are not only for us means Sinhalese in Sri Lanka. It's for all Human Beings under this Sun no mater what the Cast , Clan , Nation , Religion , Language , Skin colour or the Profession are ???
The Historical "Gauthama Buddha" had preached this an Advanced Doctrine on the top of the Hill called the "Gijja Koota Parvathaya " at the age of 72 in India . It was the same followed by our Kith & Kins early stages of the territory of the King's time at the Pagoda of " Abhayagiri Viharaya " in Sri Lanka . This is called " THE LOTUS SUTHRA " ( SADDHARMA PUNDARIKA SUTHRAYA").
Well ! I would like to conclude my message herein ..
MANY BODIES ONE IN MIND as all Anandians and Anandabalikavians you all will be further strengthened your unity and conduct Buddhists activities to the full extent of your ability.
I earnestly wish that , by so doing all the teams will achieve further advancement towards the accomplishment of our objectives for the ....
NEXT GENERATION !
Nirmala Sulalitha
Old girl of Ananda Balika, Colombo
Kadawatha
වෙසක් සැමරුම
පින්බර වෙසක් පොහෝ දිනේ
ලුම්බිණියෙ මහ සල් වනේ
කුමරු සිදුහත් ඉප දුනේ
ලොවට සෙත සලසන් නනේ.....
බමුණු පඬිවරු කුමරු දුටු දා
පැවසුවා බුදු වෙතැයි මතු දා
එබව දැන පියරජු මෙ දා
කුමරු රැක්කේ මුර යො දා.....
නිමිති සතරක් කුමරු දුටුවා
සසර ගමනේ බියම දුටුවා
පැවිද්දට සිත යොමා කෙරුවා
කුමරු ගිහිගෙයින් නික්ම වුවා....
විවිධ පිළිවෙත් සොයා දින දින
සෙව්වා නිසි මඟ නිබඳවම දැන
මැදුම් පිළිවෙත හරිම බව දැන
සසර මුදවා ගන්න මතු දින.....
පින්බර වෙසක් පොහො දිනේ
ඇසතු බෝ මුල හිඳ මිනේ
ත්‍රිවිද්‍යා නිති වඩ මිනේ
බෝසතාණන් බුදු වුණේ....
දහම් කඳ ලොව පතුරලා
භික්ෂු පරපුර බිහිකළා
සසරේ දුක ගැන පහදලා
දෙසුවා බණ දම් සනසලා....
පින්බර වෙසක් පොහො දිනේ
ලොවම කම්පා කර මිනේ
උපවර්තන නම් සල් වනේ
බුදුරදුන් පිරි නිව් නනේ....
පින්බර වෙසක් පොහො දිනේ
මෙ තෙමඟුල සිහි කර මිනේ
නොයෙක් පින් දම් රකි මිනේ
පතන්නේ අපි නිව නනේ
සතිර රණතුංග
වයස - 11
ආනන්ද විද්‍යාලය
මහරගම
බුදු හිමියනි,
ඔබ දෙසූ ඒ මහා දම් කඳ
පින් බලෙන් එක් අසරු සැනදී
ඔබා දන යුග - තබා හොඩ බිම
හික්මවූ සේ ඇත් රජුන්
ආලවක යකු - අගුල්මල් තෙම
ඔබේ කරුණා ගුණ තලාවේ
ඇසූ මනරම් එක් වදනකින්
රහත් මාවත පිවිසියේ........
හිමි එදා දුන් ඒ අමා පැන
එකලු අකුරක් නෑර පිළිගෙන
තවම රැව්දෙයි ගම් නියම්ගම්
සධූ මහමෙර ගුණ බලෙන්......
ඇසෙන ඒ බණ සවන වැකුණත්
රහත් මහඵල කෙසේ වූවත්
සෝවාන් ඵල හෝ ලබන්නට
නොහැකි තරමට පිරිහි ගිය මේ
සාමජය බුදු ඇසින් දැකදෝ
පමා වන්නේ මෙසේ හිමියනි
වඩින්නට සිරිලක් තලාවට
මේ උතුම් වෙසගේ
අමාලි සේනාධිර
වයස - 19
කැලණිය
ඈත ඝනඳුර මකා වෙසඟේ
පුරහඳේ රැස් විහිලුනා
සිත පොකුණක පිපුන නෙලුමක්
ලෙසට පින් සිත පෑඳුනා
සිතට සහනය ගෙනෙන ජීවන
දහම දිවියට ලංවුනා
ඈත ඝනඳුරු මකා වෙසඟේ
පුරසඳේ රැස් විහින්ඳුනා
සීතලේ ඉකි බිදින පැතුමන්
වන මලක විකසිත වුවා.......
සිතට සහනය
ගෙනෙන ජීවන
දහම දිවියට ලංවුණා.....
සසර කතරින්
එතෙර වන්නට
ඔබට මේ පින් වාසනා.....
එපා කිසිවිට උඩගු වන්නට - එයින් යහපත නැසෙනවා
එපා කිසිවිට කෝප වන්නට - ඔබේ හොඳ ගති මැකෙනවා
එපා කෙනෙකුට දුකක් දෙන්නට - එයින් හදවත රිදෙනවා
එපා ආශා පොදි බඳින්නට - මැරෙනවා අපි මැරෙනවා
ඉන්දික නාමල්
වයස - 17
ආනන්ද විද්‍යාලය
වැල්ලම්පිටිය
සුදු බුදු රැස් දහරිල්ලෙව නාවා
බුදු හාමුදුරුවො හොදබණ කීවා
පුදමි පහන් සිරි පස ගාවා
බිදි බව දුක සැනසුමහිමි වේවා
කුලුණින් බරවු නෙත් යුග දල්වා
බුදු හාමුදුරුවො ලොව දෙස බැලුවා
කරුණාවෙන් සදහම් පද දෙසුවා
අපමණ සත්වග නිවණම පැතුවා
සියලු පව් අතහැර
කුසල් දම් නිති රැස්කර
සිතද පිරිසිදු කර
විසුම අනුසස්න වේ මුනිවර
සදුන් තවරලා
මිහිරි සුගන්දේ
උපුල්ද දෑසමත්
කුසුම් සුගන්දේ
තවත් ඇතත් ලොවැ
නොයෙක සුගන්දේ
උතුම් නොවේ මෙන්
සීල සුගන්දේ
නව මං සොයා එය
ලෝකෙට කියා දෙමින්
ඇති නැති කමට නොව
හැමටම දයා වෙමින්
මහ සත් මිනිස් ගුණ පිරි
බුදු පියා නමින්
තෙමගුල සිහි කරමු බුදු හිමි
ගිය මගේ යමින්
ඉන්දික නාමල්
වයස - 17
ආනන්ද විද්‍යාලය
වැල්ලම්පිටිය
සියවස් ගනන් සැමරූ ඒ වෙසක් දිනේ
අමතක කරන්නේ කෙලෙසද අද දිනයේ
තිබුනත් රටේ මහ උවදුරු අද දවසේ
සමරමු කෙසේ හෝ මෙවරත් වෙසක් දිනේ
වෙසක් සඳින් මුළු ලෝකය බැබලේවා
පීඩා රෝග දුක් දොම්නස් දුරු වේවා
සැමගේ සතුට යහපත ලොව ඇති වේවා
වෙසඟේ සීරිය හැම තැනකම පැතිර්වා
තිලොඅග බුදුන් දෙසු ඒ මහ දම් කඳට
ගෞරව කලයුතුය අප සැම ඒ දිනට
හැකි අයුරින් සමරා වෙසගේ සිරිය
ආසිරි පතමු ලොව සැමටම ඉතින් අප
තාරක දිල්ශාන්
වයස - 17
ආනන්ද විද්‍යාලය
ගම්පහ
කොරෝනා මැද සමරන තෙමගුල
නෙක පාට විදුලි එළි
රටා විහිදන තොරණ,
තිස් පැයේ දොර විවර
දන්සැලත් අද නොමැත
වෙනදාට තුඩින් තුඩ
රැව් නැගුණු
බැති ගීත
තවම දෙසවනට
ළං නොවුණු හේතුව
කිමද ?
විශාලා මහ නුවර
තුන් බියට දෙවැනි නැති
වසංගත භීතියක්
වෙලාගෙන මුතු ඇටය !
හෙට ලොවට පැතුම් පොදි
පිරුණු හදවත් එක්ක
කොරෝනාවට බියෙන්
හිරවෙලා අපි ගෙදර..
වෙනදාට කඩිමුඩියේ
කඩෙන් අරගෙන ආව
වෙසක් සැරසිලි කුමට..
පවුලෙ හැම එකමුතුව
වෙසක් කූඩුවක් අපි
හදනවා හිත නිවෙන...
බෝ හිමිගෙ සෙවණ යට
බුදු සමිදු පුදන්නට
වරම් නැතිමුත් මෙවර
දොහොත් මුදුනේ තබා
බුදුන් දම් සඟ රුවන්
අදත් අපි වඳිනවා
කිසිම වෙනසක් නැතිව...
දේදුන්න පරදවන නියෝන් එළි නැතුවාට
ලක් මවට සෙත් පතා
දොරින් දොර මැටි පහන්
දැල්වේවි එක පෙළට..
උතුම් සදහම් ගඟේ
ගිලී සැනහෙන අතර
කොරෝනාවට පවා
පතුරවමු මෙත් සිතම..
බුදු සමිඳු මෙත් සිතේ
අනුහසින් ආලවක,
අගුල්මල් පවා
දමනය කෙරූ පින් බිමක ,
කොරෝනාවත් සිරස
නවා දමනය වේවි
ඒ පැතුම පතා සමරමු
උතුම් මේ වෙසඟ
උපේක්ෂා පෙරේරා
වයස - 17
රත්නාවලි බාලිකා විදුහල
ගම්පහ