wfma fjila rpkd
වෙසක් සඳයි සඳ කිරණයි
සිහිල් පවන් රැල් ගෙනදෙයි
පින්බර මේ වෙසක් දිනේ
එක් කරනෙමි තුටු පඪුරක්
ආනන්ද විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දයාබර සොයුරන්ට වෙසක් ආසිරි පතන්නේ
රමිරු අත්තනායක
වයස - 11
ආනන්ද විද්‍යාලය
වෙසක් අසිරිය
සදහම් සිහිළල්
හමා දසතම
සිත නිවා සනහන
උතුම් බුදු බණ ඇසී දෙසවන්
බුදු මිහිරෙන් පිරේවා!
විඩාබර සිත්
සුපසන් කරවන
අමිල නිමල සිතුවිලි
එක්තැන් කරවන
දැහැමි බවින් ලොව සැනසේවා!
සසල හදවත්
දම් දියෙන් මුදාලන
සිසිලස වී සිත සුවපත්වන
උතුම් වෙසක් උතුම් පොහෝ දින
සඳ දිය දහරින් ලොව නැහැ වේවා!
ඉසුරු පෙරේරා
වයස - 15
වෙස්ලි විද්‍යාලය
වෙහෙර බිමත් අද හරි පාළුයි
වෙහෙර බිමත් අද හරි පාළුයි
වෙසක් පෝය අමතක වීදෝ
බෝ මළුවේ නෑ කිසිම සලකුණක්
අද මම විතරක් තනි වීදෝ
වෙනදා හේවිසි ඝණ්ඨාර නෑ අද
බණ කැසට් එකකි පන්සලටම ඇහුනේ
වැලි මළුවේ බිම ඇඳුනු රටාවන්
මගෙ පයටම විතරද මැකුණේ
ඕලු නෙළුම් ගැටපිච්ච සුවඳ නෑ
වතුසුදු මල් දෝතකි පිදුවේ
වැලි මළු අමදින එබරන් මේ මම
ලොකු හාමුදුරුවන්ගෙ තනියට හිටියේ
දහසක් බැති සිත් සැනැහුණු පින් බිම
මට පමණකි දොරගුළු ඇරුණේ
වෙනද වගේ නෑ අද මං විතරක්
අටසිල් ගන්නම් බුදු පියාණනේ
නිමේශ් ගොඩවෙල
වයස - 18
ආනන්ද විද්‍යාලය
දිවිකතරේ අතරමංව
පිපාසිතව ලොව දනහට
සැනසුම සදා දෙන්නට
සිද්ධාර්ථ කුමරු
උපන්නා මනුලොව
වෙසක් පෝදා
අතහැර මහත් රජසැප
අරමුණ ඇතිව බුදුවන්නට
ලෝසතුන් නිවා සනහන්නට
ලොවට අර්ථ කරන්නට
සිද්ධාර්ථ කුමරු
සම්මා සම්බුදු වුණා
තිලොවට තිලක වී
ඒ මහා කාරුණිකයන්
සුවහසක් ලෝ සතුන්
සුවපත් කර
දම් බලෙන්
නියත කරමින්
ලොව අනියත බව
ලොව්තුරු බෝ සමිදුන්
නික්මුණා වෙසක් පෝදා
අනුරුද්ධි චාපා
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ගම්පහ සිට
මමයි මෙහෙණිය භද්දකච්චායනා
සාරාසංක්යය කප් ලක්ශයක්
ඔබේම පාද පරිචාරිකාව වූ මා
සිදු කලාද යම් වරදක් ඔබහට...
දමා යන්නට මෙලෙස මා තනිකර
රහල් පුතුව සිප ගන්න නොසිතුනිද
ඒ මහා අභිනික්මනට පෙර...
ඉඩ දෙන්න නොසිතුනිද මට අවසන් වරට
හිමි දෙපා නමදින්න...
මෙපැනයමයි පුරා සත් වසක් මා සිත පෙලූයේ...
නමුදු අවසන
සකල ලෝ වැසියා
ඔබ දෙසූ අමෘතය තොල ගානා කල
වැටහුනි මට
අප පුතු හැර ගිය හේතුව
සියලු දෙව් මිනිසුන්ට පියෙකු වීමට...
ගයේෂා වීරසේකර
මිනිස්සු කියනවා මෙදා පාර වෙසක් නෑලු
හරි කාලකන්නියිලු !
වෙසක් කියන්නෙ තොරණක් තියලා විරිදු කියලා සල්ලි හම්බකරන එක නෙමෙයි
වෙසක් කියන්නෙ කූඩුවක් එල්ලලා ගේ සරසලා මගුල් ගෙයක් වගේ විදුලි බල්බ දාන එක නෙමෙයි....
වෙසක් කියන්නෙ සිද්ධාර්ථ කුමාරයගෙ ඉපදීමත්
අප මහ බුදුපියාණන්ගෙ සම්මා සම්බුද්ධත්වයත් සහ පරිනිර්වාණයත් යන තෙමගුල සමරන දෙයක් බව හොදින් මතකයේ තබා ගන්න
මෙදා පාර වෙසක් තියනවා අපේ මිනිස්සුන්ගෙ මෝඩ වැඩයි නැති වුනෙ බව හොදින් මතක තබා ගන්න..
බුදුරජාණන් කී වෙසක් අද ලෝකෙ නෑ
කූඩුවක් තියලා අනිත්‍යය බාවය පෙන්නන්න කිව්වම ඒ මිනිස්සු අද අදනවා අවුරුදු ගානක් තියාගන්න කූඩු....
පහනක් පත්තු කරලා අනිත්‍ය බාවය පෙන්නන්න කිව්වම අද මිනිස්සු පත්තු කරනවා පහන් වැස්සෙන් තෙමෙන්නැති විදිහට....
සමරන්න පුළුවන් වෙසක් හරි විදිහට බුදුරජාණන් වහන්සේට ගරුත්වයක් විදිහට
පන්සිල් පද පහ රකින්න දිවි හිමියෙන්
එහෙම කරොත් ඔබ සමරපු ආධ්‍යාත්මික
පොහොසත්ම වෙසක් පොහෝය මෙදා පාර පත්වෙනවා ඒක නිසැකයි ඒකාන්තයි....
නවීන් නිමේෂ්
වයස 18යි
සාන්ත ජෝසප් විදුහල
ග්‍රෑන්ඩ්පාස් සිට
අද රටේ තත්ත්වය සමඟ වෙසක් සැමරුම
සුභ වෙසඟක් වේවා යන පාඨය මේ සමයේ බොහෝ සෙයින් සවන්දීමට හැකි පාඨයකි. ඒ කිමද යත් වෙසක් උත්සවය මේ සමයේ යෙදෙන බැවින් ය. වෙසක් උත්සවය යනු ලෝකවාසී සියලු දෙනා අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලබන මහානුභාව සම්පන්න උත්සවයකි. ඒ මන්දයත් මෙම උත්සවය ලෝකවාසී සියලු බෞද්ධයන් සමරන ප්‍රධාන ආගමික උත්සවය නිසාය. මෙම පූජනීය උත්සවයේ අරමුණ වනුයේ අප මහා තිලෝගුරු සම්බුදු රජාණන් වහන්සේගේ උපත, බුදුවීම හා පිරිනිවන් පෑම යන උතුම් තෙමගුල සිහි කිරීම යි.
සෑම වසරකම මැයි මාසයේ තොරන් සාදා, පහන් කූඩු සාදා, දන්සල්, දාන මාන හා පින්කම් සංවිධානය කොටගෙන අප සමරන වෙසක් සමයේ මෙවර අපට ඇසීමට හා දැකීමට ඇත්තේ දුක් අඳෝනා හා මරණ බිය යි. කිමෙක්ද යත් අප රට තුළට කඩා වැදි කොරෝනා වෛරසය නම් රකුසාගේ ක්‍රියාකලාපය නිසා ය.
නමුත් අපට අපගේ නිවස තුළ සිට ආරෝග්‍යා පරමා ලාභා නීරෝගීකම උතුම්ම ලාබයයි යන තේමාව මුල් කොටගත් මෙවර වෙසක් උත්සවය ආරක්ෂාකාරීව සැමරීමට බොහෝ ක්‍රම තිබේ. ඒ කෙසේද යත් නිවස තුළ සිටම සිල් ගැනීම හා පස් පවින් වැළකීම ආදිය එදින සිදු කිරීමයි. තවද සෑම බෞද්ධ නිවසකම බෞද්ධ කොඩි, පහන් කූඩු හා ආලෝක බුබුලූ එල්ලා ආලෝකමත් කිරීම, නිවාස මට්ටමෙන් කුඩා තොරණ් ඉදිකිරීම, ලොව සියලු දෙනාට පහන් සිතින් මෙත් පැතීම, දුරකථන හා අන්තර්ජාලය වැනි විද්‍යුත් පහසුකම් භාවිතයෙන් අනෙක් නෑදෑ හිතමිතුරන්ට වෙසක් සුබ පැතුම් එක් කිරීම.
තවද අප මෙලෙස නිවසට වී ආරක්ෂිතව සිටින මොහොතේ තම ජීවිත අනතුරේ හෙලා රට-දැය-සමය මෙම වෛරසයෙන් මුදවා ගැනීමට වෙර දරන වෛද්‍යවරු, හෙද හෙදියන්, සෞඛ්‍ය පරීක්ෂකවරු, මාර්ග පිරිසිදු කරන්නන් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සිහි කොට ඔවුන්ට ආශීර්වාද කිරීමක් ලෙස නිවස තුළ පහන් දල්වා අඳුර දුරලීමට ප්‍රාර්ථනා කිරීම අපට සිදු කළ හැක.
තවද මෙම වෙසක් දිනයේ අප සිහි බුද්ධියෙන් තබාගත යුතු වැදගත් දෙයක් නම් තම තාවකාලික වින්දනය උදෙසා මිතුරන් හා එක්ව එකට රොක්වී මාර්ගවල ගමන් නොකිරිය යුතුය. යමෙකු එලෙස සිදු කරයි නම් එය තම දරුවන් ගැනවත් නොසිතා රට රකින්න නිලධාරීන්ට අපහසුතාවක් වන අතර එලෙස කරන පුද්ගලයා මෙන්ම ඔහුගේ හිත මිතුරන් හා රටේ අනෙකුත් ජනතාව අනතුර දැමීමකි.
ඒ නිසා මෙම වෙසක් සමය තුල තම ආරක්ෂාව ද සලසා ගෙන අනෙකන්ගේ ආරක්ෂාව ද සලසා ගෙන දැහැමිව යහපත්ව මමත් අපි යැයි සිතා අපි කටයුතු කරමු.
සුභ වෙසඟක් වේවා!
කවිඳු මලීශ
වයස - 14
කලුතර සිට
පුර සදින්
පහන් රැස් විහිදුනා..
සදහම් සිහිලෙන්
ලොවම නැහැවුණා..
වෙසක් මහේ එදා
සාලමලින් ඉතිරුණා..
සම්බුදු තෙමගුල
අසිරි ගැන්වුණා..
බුදු කරුණා ගුණ
මෙත් පැතිරුණා..
බුදු දම් පදෙන්
සිත සැනසුණා..
පහන් ආලෝකයෙන්
අදුර දුරුවුණා..
වෙසක් මහේ මෙදා
ලොව සුවපත් වුණා..
කසුන් පරණයාපා
වයස - 19
මරදාන සිට
රටේ පවතින තත්වය සමඟ වෙසක් අසිරිය
වෙසක් සඳ පායා නැගෙන
කළු අහස එකලුව ඉඳින්
උතුම් බුදු හිමි දෙසූ බණ පද
හමන මඳ මාරුත අරන්
පෙළෙන රෝ දුක්-අනෙක බිය සැක
දුරුව සැඩ සුළඟින් ගසන්
අනේ හිමියනි නිවන් දොර කොහි
සොයමි වෙසගේ සිහිලසින්
මියෙන ලෙඩවෙන සැනින් උපදින
ඒ සසර බව චක්කරේ
දෙඇස් මුවදොර දිගහැරෙනු දැක
සිහිවෙනා අනියත බවේ
ඉඳින් කුසලට මෙතින් බැඳුනෙම්
නවතන්න දිවි නිස්සරේ
හිතින් පොදි බැඳි ලොබ අතැර මම්
පතනෙමි නිවනක සුවේ
කේ. තාරුකා හසරැලි
වයස - 20
හොරණ සිට
එදා සඳ මයි ,
කුමරුවන් උපන් දා සල් මලට සුද දුන්න
ඇසතු බෝ මුල එදා බෝසතුන් තනි නොකළ
බුදුන් පිරිනිවන දා දුහුල් සුදු වියන උන
එදා ඒ වෙසක් සඳ අදත් පායල මිතුර ..
බජව්වට බීම දෙන දන්සලුත් නැති වේවී
හන්දියට එකතු වන ඔලුබක්කො හැංගේවි
ඇසිල්ලට නාද දෙන නළා සැම ගොළු වේවි
සිසිල් රැස් දහර දෙන ආමා සඳ මෝරාවි
ආමිසේ නටුව අග ප්‍රතිපත්ති මල් පිපෙයි
ටෙලිවිෂන් රේඩියෝ නිවන් මග කියාදෙයි
වැහිවලාකුළු අතර ඇඳි රිදී ඉරි පෙනෙයි
පනසලට නොගිය අය නිවසෙ සිට බණ අසයි
සංසාර ගෙය තනන වඩුව හඳුනා ගන්න
අෂ්ටඵල ධර්මයට නොසැලෙන්න හුරු වෙන්න
තනන්නට නොහැකි වූ කූඩු ගැන නොතැවෙන්න
අර අහස බලාපන්, හඳ පායලා අන්න
එල්. කවීෂ
වයස - 19
අද රටේ පවතින තත්වය හමුවේ වෙසක් අසිරිය.
අද වන විට අප රටේ පවතින මේ කොරෝනා වසංගතය අප රටට පමණක් නොව මේ මුලු මහත් ලෝකයටම දැඩි අවදානම් තත්වයක් වී තිබේ. මේ අති භයානක තත්වය හමුවේ ළග ළගම එන්නේ ඔබ අප කවුරුත් වඩාත් ප්‍රියකරන, විශේෂයෙන්ම කුඩා ළමයි විශාල කැමැත්තක් දක්වන වෙසක් උත්සවය යි. වෙසක් උත්සවයෙන් අදහස් වෙන්නේ අප මහා බුදු පියාණන් වහන්සේගේ තෙමගුල එනම් අප බුදු පියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන්පෑමයි. වෙසක් සැමරීමෙන් අප සිහිපත් කරන්නේ ඒ උතුම් තෙමගුලයි.
වෙන දා මෙන් වෙසක් කූඩු එල්ලා, විදුලි බල්බ දමා සැරසිලි නොකරත් පරණ වෙසක් කූඩුවක් හෝ එල්ලා, බල්බ වැලක් දමා එසේත් නැතිනම් පාසල් යන දරුවන් ලෙසට වෙනත් අපූරු කූඩු සැරසිලි සාදන්නට අපට පුළුවන්ය. මේ දිගු නිවාඩු කාලේ ඔබට පුලුවන් වෙසක් සැරසිල්ලක්, වෙසක් කූඩුවක් හෝ වෙසක් අසිරිය පිළිබද විත්‍රයක් ඇද තමන්ගේ ඒ නිර්මාණය කුඩා එකක් වුවත් අන් අය සමග එකතු වී බෙදාගෙන රසවිදින්න. කෙසේ වූවත් එය ඔබට වටිනා නිර්මාණයක් වේවී. අපට වෙසක් සමරන්න බැරි වුණත් සුළු වශයෙන් අප ඉතාම සරල ආකාරයට මේ වෙසක් උත්සවය සමරමු. ඒ වගේම අප වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය කැපකරන රණවිරුවන්ටත් දොස්තර මහතුන්ටත් අපි ගරු කරමු, ආචාර කරමු. ඔවුන්ව සමච්චලයට නොගෙන ඔවුන්ට ආදරය දක්වමු. ඔවුන්ව වෙනත් නුසුදුසු නාමයන්ගෙන් ආමන්ත්‍රණය නොකර ඔවුන්ට අයිති ඔවුන්ගේ නියම නාමය (රණවිරුවා) අපි ඔවුන්ට ඒ සුන්දර නාමයෙන් ආමන්ත්‍රණය කරමු.
ඒ වගේම වෙන දාට පන්සලේ බණ මඩුවේ පිරී ඉතිරී යන ඒ සිල් ඇත්තන්ට පුළුවන් කමක් තියනවා තමන්ගේ නිවසටම වී රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් වෙනත් විද්‍යුත් මාධ්‍යයකින් සිල් ඇත්තන්ට පමණක් නොව ගෙදරට වී සිටින නිවසේ අනෙකුත් සියලු දෙනාටමත් එකතු කරගෙන ඒවාට සවන් දෙන්නට. තමන්ගේ සිත, කය, වචනය යන තිදොරම සංවර කර ගැනීමට භාවනාවක නියලීම කළ හැකියි කියා මම සිතමි. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බවට අප මහා බුදු පියාණන් වහන්සේ වදාළ සේම අද මේ තත්වය හමුවේ ඉදිරියටම ගොස් ඉදිරි පෙළ කටයුතු කරන ආරක්ෂක හා සොඛ්‍ය අංශවල අප වෙනුවෙන් සේවය කරන ත්‍රිවිධ හමුදා නිලධාරීන්, වෛද්‍යවරුන් හා හෙද හෙදියන් ඇතුළු ඒ සියලුම නිලධාරීන්ට දීර්ඝායුෂ හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන අතරම ලෝකය පුරා ලක්ෂ ගණනක් රෝගීන්ට ඉක්මන් සුවය මේ වෙසගේ අපට සිදුකළ හැකි හොදම ප්‍රාර්ථනය යි.
පසුගිය වසරේත් සමරන්න බැරි වුණු වෙසක් උත්සවය මේ වසරේත් අපට සමරන්න නොහැකි වුයේ අපගේම නොසැළකිලිමත්කම නිසාය. ඒ කෙසේ වූවත් මෙවර වෙසක් උත්සවයේ අපට වෙන දා මෙන් ලොකු අසිරියක් දැක ගැනීමට නොලැබුණත් පවුලේ අය සමග සතුටින් එකට එක්ව සතුටින් සමරන්නට අපට හකියාව ඇත. එසේනම් අප ලබන වසරේ හෝ මේ උතුම් වෙසක් උත්සවය සමරන්නට ප්‍රථමයෙන් අප ආරක්ෂා විය යුතුය. එලෙසින් කටයුතු කළ හොත් අපට ලබන වසරේ අනිවාර්යයෙන්ම මීටත් වඩා උත්සවාකාරයෙන් හා සතුටින් සමරන්නට හැකිවනවා නොඅනුමානය.
ඔබ සැමට සුබම සුබ නිරෝගීමත් වෙසක් මංගල්‍යයක් වේවා.!
බිනුක යෙත්මින් ද අල්විස්
වයස - 12
කේරි විද්‍යාලය, කොළඹ 08
කළුතර සිට
හැමදාම වෙසක්
ශ්‍රී. බු.ව. 2564 ක් වූ වෙසක් මස 07 වැනිදාට වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය යෙදි අැතත් අන් කවරදාකටත් වඩා වෙනස් මුහුණුවරකින් 'වෙසක් සැමරීමට' අපට සිදු ව අැත. COVID - 19 හෙවත් කොරෝනා වෙෙරසය ලොව පුරා වසංගතයක් බවට පත් ව අැති අවධියක ලොව පුරා ජනතාවට තම නිවෙස්වලම රැඳෙන්නට සිදු ව අැත. සත්‍ය වශයෙන් ම එසේ එ්කාකාරී ජීවන රටාව හේතුවෙන් ඔවුහු අතිශය පීඩනයකට ලක් ව අැත.
අප මහා ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවීම යන තෙමගුල සිහි කරවන්නා වු වෙසක් පුර පසළොස්වක පොහා්ෙ දිනය ලක්වාසි මෙන්ම ලෝවාසි බෞද්ධ ජනතාවට ද සුවිශේෂි දිනයක් වන්නේ ය. මෙදිනට බාල, මහළු වයස් භේදයකින් තොරව සියල්ලෝ ම අාමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වනු අපට දැකගත හැක. කුඩා කල අප මැයි මාසය එළැඹෙන තෙක් අැඟිලි ගනිමින් සිටි අාකාරය ඔබට නිසැකව ම මතක අැති බව සිතමි. මන්දයත් බට පතුරු එක් කර වෙසක් කූඩු තනන්නට ය. වෙසක් කූඩුවකින් ගම්‍යමාන වන්නා වූ ගැඹුරු අර්ථය එවක අප ළමා සිත්වලට නොතේරුණ ද සුළඟට ලෙළදෙන පහන් කූඩුවක් දෙස බලා නිරාමිස ප්‍රීතියක් අත්විඳින්නට අපට හැකි විය. එමෙන්ම වෙසක් තොරණ්, දන්සැල් සහ බැති ගී ගායනා ද මෙකල නෙක සුලබ දසුන් ය.
නමුත් අද තත්වය මීට හාත්පසින් වෙනස් මුහුණුවරක් ගෙන අැත්තේ ය. වෙනදා මෙන් තොරණ් නැත; දන්සැල් නැත; පහන් කූඩු ප්‍රදර්ශන නැත. මෙය දකින අැතැමෙකුට අනුව මෙවර ඔවුන්ට 'වෙසක් නැත'. නැත, හැමදාම වෙසක් අැත. වෙසක් අැත්තේ අප සිත් තුළ ය. වෙසක් යනු හුදු සංදර්ශනයක් නොවේ. එහි සෑම අංගයකින් ම ගම්‍යමාන වන්නා වු ගැඹුරු දහමක් අැත්තේ ය. අවාසනාවකට අනුව එය තේරුම් ගන්නට බොහෝ දෙනා අසමත් වී සිටිති. ඔවුන්ට 'වෙසක් නැත'. අප කළ යුත්තේ අාමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දීමයි, නමුත් සිදු වන්නේ වෙනකකි. එහෙයින් මෙය ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දීමට අප ලැබු මහඟු අවස්ථාවකි. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් 'වෙසක්'හි සැබැ අරුත දැන කටයුතු කරමින් සසර මග නිවීම උදා කර ගත හැකි වේවා'යි පතමි.
මොවිඳු තියුමිල ගුණරත්න
වයස - 19
පානදුර සිට