wfma fjila rpkd
රටේ පවතින තත්වය සමග වෙසක් අසිරිය
වෙසක් මහේ මංගල්‍යට තිතක් තියාලා
කොරෝනාව රට පුරාම පැතිර ගිහිල්ලා
බුදු සමිදුගෙ තෙමගුල සිහිකරමු සියල්ලා
මෙදා සැරෙත් ගෙදර ඉදන් කූඩූ හදාලා
අප සිරි ලක් මාතාවන් රැක ගන්නට
නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපදිමු හැමවිට
මිනිස්සුන්ව රැස් කරමින් කිසිවිට
කටයුත්තක් නොකරමු අපි වෙසගට
දන්සල් තොරණ් මෙදා සැරේ නැති වුනත්
කූඩු හදලා පහන් පත්තුකරමු අපිත්
ලබන සැරේ වෙසක් බලා පොරොත්තුවෙන්
කොරෝනාව තුරන් වේවායි! පතමු අපිත්
අමන්දි සකුන්දරා
සෙන් තෝමස් බාලිකා විද්‍යාලය
මාතර සිට
ලුම්බිණියේ උපන් සිදුහත් නම් කුමරු
පියවර හත තබා සිහ නද කළ කුමරු
දෙවිවරු විසින් ගෞරව ලද මේ කුමරු
බුද්ධත්වය පත්වීමට ආ කුමරු
ශිල්ප කිරීමට වයසත් ළගා වුනේ
වැඩිකල් නොගොස් ඒ සියල්ලම නිමා වුනේ
යශෝධරා කුමරිය හා මිතුරු වුනේ
සොලොස් වියේදී ඈ හ සරණ වුනේ
කුමරුන් සිටියේ උයනේ සිරි. නරබමිනේ
රාහුල කුමරු ඒ දවසේ. උපදින්නේ
එදිනම කුමරු හට ගිහිගෙය. කලකිරුණේ
නිවන් මග සොය ගමනක්. අරඹන්නේ
පුන්සද පහන් වි බැබළෙන වෙලවේ
බෝ ගස මුල සිටියදි බුදු. ලැබුවේ
දාන තුනක් සමගින් බලවත්. වුවේ
ලොව නව පණක් ලැදුවෙකු සේ සැකසුවේ
නරක පෙළෙඹි අය හට යහමග. පෑදු
පිහිටක් අවැසි අය හට නිවනක්. සෑදු
සියලු සතුන් හට නිවනට මග. පෑදු
බුදු හිමි හට අත්තේ හොද හිතක්. මෘදු
පුන්සදේ දුක්මුසුව බැබළෙන සද්කිරණේ
කුසිනාරාව සිටියේ එහි. අඩමින්නේ
අනද තේරුන් හට රසක් පවසිමිනේ
සල් ගස යටදි අප බුදු හිමි නෙත නිවුනේ
රමිදු යසරත්න
වයස - 12
මෙවර වෙසග
කසාවත පමණි වෙහෙරේ දිස් වන්නේ
වෙනද සධු නද අද නැත රැව් දෙන්නේ බෝපත්
නිවසේ රැදි අප වෙසගට සැසෙන්නේ
කටනට බැරි වුවද පිංකම් වෙන ද මෙන්
කළ හැක ප්‍රතිපත්ති පුජා තනියෙන්
සිහිකර බූදුන් දෙසු ධර්මය අවබෝධෙන්
අට සිල් සමදන් වෙමු ගෙදර හිදිමින්
අප කල පව් අපටම පඑ දෙවන රිසින්
කලින් කලට එයි වියසන රැදුරු වෙසින්
එබැවින් මිතුරු බොදු පිලිවේත අනුව යමින්
ප්රතිපත්තියේහි නියලේමු තෙමගූල වෙනුවෙන් ..
ඩි.අර්.සදකකැලුම්
වයස - 16
ආනන්ද විද්‍යාලය
රටේ පවතින තත්ත්වය සමග වෙසක් අසිරිය
බුදු හාමුදුරුවනේ බුදු හාමුදුරුවනේ
වඩින්න අයේ වඩින්න ආයේ මේ වෙසගේ...
සියලු සතුන්,රෝගින් හා අප බලා සිටිමු වැඩිනතුරු
මේ ලක් දෙරණේ මේ රන් දෙරණේ
සුවපත් වේව සුවපත් වේවා බුදු සරණින්
සියලු දෙනා මේ වෙසගේ...
රනුග මහීපාල
වයස - 12
වෙසක් පුන් සද අහස් කුස මැද
කදුඑ වගුරණු අද් පෙනේ
පොලෝ සක්වර දෙබැ කරගෙන
මිනිස් හැඩුමන් බෝ ඇසේ
කොතැන කටද නැත නිම්වියක්
මිනිස් සනුහරග දුකේ
කොරෝනා රො බියෙන් ඇලලි
ලෝ සියඑ රටවල් දැවේ.
බුදුහිමියනේ කම කර අප
හට සිසිලසක් වනු මැනේ
ලෝකයා තුන් බිය දරා ගෙන
බුදු බණට කන් යොමන්නේ
දන ශීලෙට භාවනාවට නැමී ලෝ සත
ගත සිතින් සංසුන් වෙතේ
මේ වෙසගෙ සිත් එකතු කර ගත
දුර තබා සමරන් නිවසේ
දෙවි වරුන් වන් වෙදදුරන්
රට රකින සෙබළුන් තිස් පැයේ
වෙහෙසෙමින් පවසනා උපදෙස්
පිළිගනිමු සැම තුටු සිතිනේ
තුන් දොරම පිං වැඩට යොදවා
නිදුක් සුව සෙත පතමිනේ
මෙවර වෙසක් සිරි වෙන්ව සමරා
පොසොන් සමරමු එක්ව රටේ
එච්.ඒ.ඩී.එච්.හෙට්ටිආරච්චි
වයස - 22
මිනුවන්ගොඩ සිට
කටුක නිසරු කතරක කෙම් බිම හිමි වූ
අඳුර පටල කර සිදුරන් දීපය දික් වූ
අරුත හිස්ය බැඳුමන් හැම කල එක් වූ
යන මඟ සතුටු වෙමි මා අප හෙල් පුතූ
කඳුළු සුසුම් මැද සෙනෙහස මහමෙර පරදා
ලදිමි වරම් වෙන්නට හිමි මව් ලෙසිනා
සපිරි පාරමි සරමින් කප් සුවහස් කලිනා
දෙනෙත නොවෙනු වෙහෙසක් මින් මතු රජිඳා
දිසි මුවඟ හසරැල් දීපංකර දවස
කැටි කර භවයන් අප නොපෙනෙන තෙරක
සෙවණැල්ලය ඔබ අසලම රැන්දූව
අවසර පතමි හිමියනි දැන් නවතින්න
මනුති ජයවර්ධන
රටේ පවතින තත්වය සමඟ වෙසක් අසිරිය!
ලක් මෑණියෝ අපගේ දෙරණේ
දුකින් තැවුනා මේ සමයේ
ඒ සැම පරදා මේ මිහිතලයේ
බිහි වූවා විරුවාණෝ දුටුගැමුණූ
වෙළුණා වෛරසයක් ඇවිදින් මිහි තලයම
දුටුවා නුවණින් ගලවනු රිසි විසඳුම්
බැඳුනා සග වියතුන්ගේ අත්වැල්
ආවා ඉදිරියටම ලකෙහි කලඑළියක්
ආනන්දය බැබළුවා සේම පියාණනි
ලක්දිව බැබළුවා සේම පියාණනි
ඔබ දුටු විට අප හිත පිරෙන පියාණනි
ආඩම්බරයි ආඩම්බරයි රට දිනෙයි පියාණනි
ශීල සමාදානය නිවසෙම සිදු වූවා
චූටි පැටව් ටික පහන්කූඩුවෙන් ගෙය සැරසැවා
නිවුනා නිවුනා මේ වෙසඟේ හදවත් නිවුනා
බුදු සිරිතෙන් හෙළ දිව සැනසූවා
වෙසක් අසිරියෙන් රට හිනැහෙන්නේ
උගතුන් වියතුන් රණ විරුවන් රට රැක ගන්නේ
මේ මිහිතලයම බුදු බලයෙන් සැනහෙන්නේ
මුලු ලෝකයටම අපේ ලංකාවයි ආදර්ශය දෙන්නේ
බිනර උමයංග
වයස - 12
ආනන්ද විද්‍යාලය
" දිරි ගමු සිතට මේ වෙසත් අමුතු නැත "
සම්බුදු බුදු සමිඳු තෙමඟුල වෙසඟේ ය
වෙනදා දිලෙන සිරි අසිරිය වියැකේ ය
ආමිස හැර දමා පිළිවෙත සපිරේ ය
රෝ බිය රැගෙන අද ලොව මරු තුරුලේ ය
සැම දන පිරිය යුතු බව නම් පිළිවෙත ය
පිළිවෙත පසෙකලා මුල් තැන ආමිස ය
අන් පෝ දිනදි නොව පොහො ය
හැකි සිල් සැවොම නිවසේ සිට ගත යුතු ය
වයසක දනන් හැරමිට ගෙන වාරුවට
පෝ දා උදය මැන්නේ පිය පන්සලට
හමු වී පැරණි මිතුරන් සිත සතුටු කොට
කීවා හොරෙන් "යා යුතු බව නිවන් ගෙට"
විලසින් මෙලෙස රවටා සිත පලක් නැත
බුදු හිමි දෙසු දම් කඳ ඒ ලෙසින් නැත
නිවනට යන්න තවමත් ඔබ පමා නැත
දිරි ගමු සිතට මේ වෙසඟත් අමුතු නැත
ජේ. එම්. ටී. සී. ජයමාන්න
වයස - 15
ආනන්ද විද්‍යාලය
කහතුඩුව සිට
වෙසක් අසිරිය.
වෙසක් සද බබළයි
පහන් සිල් දැල්වෙයි
හදේ කරුණා මැවෙයි
බුදු තෙමගුල සිහියට නැගෙයි
පරිසරයම සිල් සුවදින් නැහැවෙයි
සියලු ලෝ සතුන් හට සෙත් පතයි
කරුණා මහිමයෙන් හද ගිනි නිවෙයි
වෙසක් අසිරියෙන් ලොවම නැහැවෙයි
කොරෝනා රෝ බියෙන් හද නිවෙයි
දහම් ගුණයෙන් සිත් නිවෙයි
තෙරුවන් ගුණ බලෙන් රෝග සුවවෙයි
වෙසක් දින සිත් පහන් වෙයි
නිර්මාල් ජයවීර
වයස - 19
වෙසක් උත්සවය.
නිල් දිය මත ගලන බුදුගුණ දහම් කද..
ගගන තුළ ගිලෙන පුන් සද වෙසක් කද..
උඩුගං බලා යන්නට අත දුන් දහම..
රෝ බිය දුරු කරයි වෙසගේ අසිරි සද..
බෝපත් අතර නැග එන මේ අදුරු වළා..
අතරින් එළිය ගෙන එන පුන් සද අමතා..
කියමි ඔබට මල් පැන් සුවදින් අමුණා..
ලොව තුළ දකින දුක් රෝ බිය දුර පරදා..
මැයි මල් පිපෙන කහ ඇතිරිලි මත පොළොව..
වෛශාකා දින වූ සිදුහත් උපත..
ඒ මග පින් බලැති සල් මල් අතර වුණ..
පැතිරූ ගුණ බලෙන් කරුණා ගුණ මහිම..
මුචලින්දයෙනි ඔබ නා රජු මේ මෙලොව..
බුද්ධත්වයට ආරක්ෂා කළ මහිම..
එවැනි නා රජුන් මේ අප රට විරුව..
ලකිනු මැන බුදුනේ ඒ රජවරු මෙසද..
දුලංගනී අහිංසා
වයස - 13
රත්නාවලී බාලිකා විද්‍යාලය
දෙමටගොඩ සිට
රටේ පවතින තත්වය සමඟ වෙසක් අසිරිය
බුදු හාමුදුරුවනේ බුදු හාමුදුරුවනේ
වඩින්න ආයේ වඩින්න් ආයේ
මේ වෙසඟේ........
සියලු සතුන්, රෝගීන් හා අප බලා සිටිමු වඩිනතුරු
මේ ලක් දෙරණේ මේ රන් දෙරණේ
සුවපත් වේවා සුවපත් වේවා බුදු සරණින්
සියලු දෙනා මේ වෙසඟේ........
රනුග මහීපාල
වයස 12
ආනන්ද විද්‍යාලය
ගම්පහ සිට
අදුරු අහස් කුස පුරවන්නට
වෙසක් සද මෝදුවන්නට
වෙර දරන මේ යාමයේ
අනුරාගී අහස් කුමරු
තම සගකාරිනිය එන තුරු
මග බලන මේ යාමයේ
නිවහන් තුල සිරවී සිටින
පුංචි සිගිත්තන් ලොව දකින්නට
පෙරුම් පුරන මේ යාමයේ
සදගනාව මේ හැම සිතක්ම
හැඩ ගන්වමින් මැදියම් රැයෙහි
ඒ අහස් කුස පිරවූයේ
ලොවටම සම්බුදු තෙමගුල
සිහි කරමින්
මාස ගනනක් තිස්සේ
තැලී පොඩි වී ඇති සිත්පිත් තුල
සුලු මොහොතකට හෝ
සදකැන් ගාලාවිත් ඒ
ගෙන හදවත් සිනිදු පියාපතින්
පිරිමැද සනසාලන්නටයි.
කිල්ෂානී කාවින්ද්‍යා