wfma fjila rpkd
රටේ පවතින තත්වය සමඟ වෙසක් අසිරිය
නොතිබුණි වෙසඟ ගිය වසරේ සමරන්න
රුචියෙනි සියලු දන සිටියේ ලැබගන්න
නොලැබුණි ඒ පැතුම ඉටු වනු දැකගන්න
අකුසලයක් ද මේ ලෝ හට පල දුන්න
වැඳ වැඳ කියමි බුදු සමිඳුට ඇසේවා
කිසිදින මෙබඳු විපතක් නම් නොවේවා
විපතක් වුවද එය දන සැපතක් වේවා
කළකම් මෙසේ ඵල දෙන බව සිහි වේවා
බුදු හිමියනි නොහැක පුද දෙනු ආමිසය
ප්රතිපත්තියෙන් පමණක් නහවමි ම දිය
ප්රතිපත්තිය උසස් දෙවැනිය ආමිසය
පැවසුවෙ මන්ද වැටහුණි මට බුදු රදය
ලෝ සඳ වටහ ගත්තේ නම් ඒ වෙසඟේ
මැදියම් පිළිවෙතයි උචිතම නිවන් මගේ
යට කී පිළිවෙතින් සැනහෙනු නම් මෙ ලොවේ
ඕනෙද රැස්වෙන්න හැම සත ඒ දිනයේ
පැතුමී සත්සරණී
වයස - 17
ගම්පහ
රටේ පවතින තත්වය සමග වෙසක් අසිරිය
පැමිණියමුත් නොසිතූ ලෙස උවදුරු
සැවොම එක්ව නිවසට වී එකමුතු
බැතිසිතින්ම පිලිවෙතින් පෙලගැසී
සමරමු බුදු තෙමගුල සද් සිතිනේ....
මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා
ගුණ වපුරමු සැම සිත් තුල නිතිනා
සැවොම එකිනෙකා අත්වැල් බැදිනා
සමගිය රජයන යුගයකි පෙනෙනා....
ත්රිවිධ රත්නයේ ගුණ බල මහිමෙන්
තිලො අග රජුගේ බුදුගුණ බලයෙන්
ඉක්මන් සෙත පතනෙමි මව්දෙරණට
රැුකදේවා අප මිනිසුන් නිතියෙන....
බිනාරා වීරවර්ධන
වයස - 19
ගම්පහ
නිරොගී ලෙස දිවි ගෙවන්නට ඔබ සැමට තුනු රුවණගේ සරණයි
අතු අගෙහි ඇත මල් පිපීලා නුමුදු එහි සුවඳක් නොමැත්තේ
නුබ ගැබට සඳ දෙවිඳු වැඩලා රැුස් දහර නැත ඉන් ගලන්නේ
බෝ මළුවෙ බෝ රඳුන් පමණයි සාදු නාදය නැත ඇසෙන්නේ
ලෝකයක් කම්පා වෙලා අද නෙතින් කඳුලක් ඇද වැටෙන්නේ
බුදු වදන් ඇසු බොදු හදින් නොඅඩුවම පින් සිතිවිලි ගලන්නේ
පහන්, කූඩූ ද තොරණ නැතිමුත් එකඟ කරගත් සිත වටින්නේ
මෙසේ සිතනා කුසල් ඇත්තෝ බවුන් වඩනට සිත යොමන්නේ
අප්රමාදී ඔවුන්ගේ සිත, කයෙහි රෝ බිය පහව යන්නේ
තමන්ගේ නිවහනෙහි රැුදෙමින් හැකි ලෙසින් පින්කම් කරන්නයි
උතුම් වෙසෙÛහි බුදුන් දෙසු ධර්මයෙහි ගැසිරී කල් ගෙවන්නයි
ලොවක් බිලි ගත් කොරෝනා උවදුරින් ලෝ වැසියන් රැුකෙන්නයි
නිරෝගී ලෙස දිවි ගෙවන්නට ඔබ සැමට තුනු රුවනෙ සරනයි
සපුනි චමත්කා
වයස - 18
කඩුවෙල